Advertisement

අපෙන් ඈත් වූ බොහෝ දෙනෙක් යළි එකතු වෙනවා
මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ

ඉවත්ව ගිය බොහෝ පිරි­සක් යළි පක්ෂය සමඟ එක්වෙ­මින් සිටින බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ පක්ෂ මූල­ස්ථා­නයේ පැවති සාක­ච්ඡා­ව­කින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඒ මහතා මෙලෙස ද කීවේය.

මාලිමා මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා
කුඩුත් එක්ක මාට්ටු

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද ‍තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.
මට තාම 24 යි තාම චූටිනේ - දැම්ම විවහා වෙන්න අදහසක් නෑ
එයා සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්  
බිස්කට් දැන්වීමකින් කරලියට ආ සඳනි ප්‍රනාන්දු කියන කතාව

සඳනි ප්‍රනාන්දු කියලා කියන්නේ මේ කාලේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය වෙච්ච දක්ෂ රංගන ශිල්පිනියක්. “හාර කෝටිය,”කෝටිපතියෝ”,”තුත්තිරි ” ආදී ටෙලි නාට්‍ය සමඟ ඇය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම ඇය වැඩිපුරම ජනතාව අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තෙ පසු ගිය දිනවල ස්වර්න්වහින්යේ විකාශය වූ “අග්නි පියාපත්” ටෙලිනාට්‍ය නිසයි.

රංගනයෙන් වගේම සඳනි පසුගිය දිනවල ගායනයටද පිවිසියා ය. මේ ඇය සමඟ කළ කතාබහක්.

කොහොමද මේ දවස්වල ජීවිතේ?
සමහරු මට සම්පූර්ණයෙන්ම උදව් කළා කියල කරන බොරුවෙන් 
ඇත්තටම මගේ ප්‍රතිකාර සදහා ලැඛෙන්න තිඛෙන සුළු මුදලත් නැතිවෙනව - සසන්තා චන්දමාලි

''ඔව්….. මම සුවෙන් දෝණිගෙත් සැමියගෙත් විරෝධය මැද අලූත් ටෙලියක වැඩ'' නවලියත් එකක් කවදත් ලෙංගතු කලා ලොවේ කඳුළු බිංදුව නම් වූ ඒ අහිංසාකාවිය ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 2022 ජනවාරි 31 වැනිදා පළවූ නවලිය පුවත්පතට ස්ථීරසාර හඬින් එහෙම කිව්වා.අනේ කොච්චර හොඳද එයාව දෙවියො බේරුවා දෙවියන්ට පිං සිද්ධ වෙන්න ඕන. සුසන්තා චන්ද්‍රමාලිට ආදරය කරන සුවහසක් රසිකයන් කිව්වෙ ඇය ගැන උපන් ස්නේහයෙන්. ඒ සතුට ඇගෙත් අපෙත් හිත්වල සැරිසැරුවෙ අවුරුද්දක විතර කෙටි කාලයක් පසුගිය ජනවාරි මාසෙ මුල් සතිය වෙද්දි ඒ අහිංසකාවියට කඳුළු බිංදුවට දෙවෙනි වතාවටත් පිළිකා රෝගී තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියන අසුබ ආරාංචිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරෙන්න පටන් ගත්තෙ විදුලි වේගයෙන්. ඒ ආරංචියේ ඇත්ත නැත්ත හොයන්න කඳුළු පිරි දෙනෙතින් එකතු වුණු ආදරණීය රසික ප්‍රජාවට නවලියත් එකතු වුණා.
පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම් කීමේ ඇත්ත නැත්ත ගැන 
ආයුර්වේද කොමසාරිස් කියන කතාව 

“පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම්” බවට පළවූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ පුවත දැක තමන් වික්ෂිප්ත වූ බව ය.
පොහොට්ටුවයි , සජබයයි  හයිජැක් කරන්න එජාපයෙන් මෙහෙයුමක්

සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වී සිටින පාර්ලිමේන්තු හා පළාත් පාලන මන්ත්‍රීවරුන් එජාපයට සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

එජාපය සමග සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත්, ඒ අනුව ඉදිරි මැතිවරණයකදී තනි කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වීමට මෙම මන්ත්‍රීවරුන් එකඟතාව පළ කර තිබෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේ ය.

එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය ගෙන ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව මෙම සාකච්ඡා සිදුවන බව ත්, ඊට තම පක්ෂයේ සියලු දෙනාගේ සහයෝගය ලැබී තිබෙන බව ත් හෙතෙම කීවේ ය.
ආසියානු නෙට්බෝල් ශූරියන්ටත් ඉදිරියෙන් ඇමති යයි - සමාජ ජාලවල කුණු බැනුම්

ආසියානු ශූරතාවය දිනාගත් ශ‍්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

එම කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් තොටුපලට ගිය ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක සම්බන්ධයෙන් සමාජ ජාල වල විවේචනය එල්ලවෙමින් තිබේ.
අරුන්දික ගුවන් නියමුවෙක් නොවේ
ඔහු කියන්නේ බොරු
ගුවන් හමුදාවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස හෝ කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරයි.

ගුවන් හමුදාව මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියේ මන්ත්‍රීවරයා ගුවන් හමුදාවේ සේවය කළ බවට මෙතෙක් වාර්තා ලැබී නොමැති බවයි.
පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී

හිටපු අමාත්‍යවරයෙක් හා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයා වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට ගොස් ඇති බව වාර්තා වෙයි.

බෝට්ටුවක ආධාරයෙන් ඔහු මැලේසියාවට ගොස් ඇතැයිද වාර්තා සඳහන්ය.
අද දහවල් 1 සිට ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ

අද දහවල් 1 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1000කටත්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500කටත් පමණක් ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරෙනු ඇති.

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික රෝහල් තවදුරටත් කොරෝනා ආසාදිතයන් බාර ගැනීම නවතා දමා තිබේ.

ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිකාර පහසුකම් උපරිම ධාරිතාව ඉක්මවා ගොස් තිබීමයි.

ආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් අස සවස රැගෙන ආ අරක්කු තොගය බෑමට ඉඩ නොදී ආණමඩුව ප්‍රාදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක් කඩු පොලු රැගෙන විත් ආපසු හරවා පන්නා දැමූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.
අයියාට ක්‍රිකට් තහනම් වෙද්දී ක්‍රිකට් වරම් ලැබුනු මල්ලී ඔමේෂ් මෙන්ඩිස්

මේ දිනවල වැඩිදෙනෙක්ගේ සාකච්ඡාවට බදුන්වූ කරුනක් ලෙස ක්‍රිකට් හැදින්විය හැක. ඒ පසුගිය තරග පරාජයත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පිළිබදව වාර්තා වූ පුවතක් නිසා. නමුත් ඒ අතරින් වැඩිපුර කතාබක් ඇති නොවුනත් අපූරු පුවතක් අපට වාර්තාවනවා.

තරඟ තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක කුසල් මෙන්ඩිස්ගේ බාල සොහොයුරා වන ඔමේෂ් මෙන්ඩිස්ව ශ්‍රී ලංකා ක්‍රිකට් අවුරුදු 19 පහළ කණ්ඩායම වෙත තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව අවුරුදු 19 පහළ කණ්ඩායමේ 65 දෙනෙකුගෙන් යුතු මුලික සංචිතය සඳහා ඔමේෂ් මෙන්ඩිස් තේරීපත්ව තිබෙනවා.

ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම සතිය තුල ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවිය යුතුව ඇති බව වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අමාත්‍ය අනු කමිටුව වෙත යෝජනා කර තිබේ.

බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර හා උදය ගම්මන්පිල ඇමතිවරුන්ගෙන් සමන්විත අමාත්‍ය අනුකමිටුව විසින් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

රට පූර්ණ වශයෙන් වසා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සාකච්ඡාවක් අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ.

ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්චාව සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානින් සියලු දෙනා කැඳවා තිබිණි.

නව කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම සහ ආසාදිතයන් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන රට පූර්ණ වශයෙන් අගුළු දැමීමක් සිදු කරන්නේද යන්න හෙට දිනයේ සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements