Advertisement


උණවටුන පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පසුගිය 5 වන දා සහ 7 වන දා Covishield එන්නතෙහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 632 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් 425 දෙනෙකු ම බස්නාහිර පළාතෙන් පැමිණි අය බව ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝග අනුව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ගාල්ල පොලිසියට ලබා දෙන ලද නාම ලේඛනයේ සඳහන් වේ.

අනෙක් පිරිස අතර නුවරඑළියේ එක් අයෙක්, මහනුවර එක් අයෙක්, මාතර 9 දෙනෙක්, ඇල්පිටියේ 27 දෙනෙක්, ගාල්ලේ 90 දෙනෙක් සහ පොලිස් නිලධාරිහු 79 දෙනෙක් වෙති.

පසුගිය 5 වන දා සහ 7 වන දා Covishield එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ විශාල පිරිසක් බස්නාහිර පළාතේ සිට පැමිණ ඇතැයි ලැබුණු තොරතුරු අනුව පරීක්ෂණ කළ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

එහිදී එන්නත් කළ පුද්ගලයන්ගේ නාම ලේඛනය සහ එම ස්ථානයේ CCTV දර්ශන ලබා දෙන ලෙසට දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාටත්, ලැබුණ සහ බෙදා හරින ලද එන්නත් ප්‍රමාණය හා ඉතිරි එන්නත් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසට උණවටුන ඖෂධ ගබඩා පාලකවරයාටත් නියෝග නිකුත් කරන ලෙස ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට අමතරව පින්නදූව පිවිසුමේ CCTV දර්ශන ලබා දෙන ලෙස අධිවේගී මාර්ගයේ අධ්‍යක්ෂවරයාට ද නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව, පසුගිය 11 වන දා සහ 14 වන දා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ තොරතුරු ලබා දෙන ලෙස අදාළ පාර්ශවයන්ට නියෝග නිකුත් කළේය.

ඒ අනුව, අදාළ පාර්ශව මගින් සිද්ධියට අදාළ තොරතුරු ලබා දී ඇත.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ද සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

තව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements