Advertisement


ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700කින් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීම් කර තිබේ.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මෙතෙක් ඒ සඳහා අනුමැතිය ලබාදී නැති අතර ඒ පිළිබඳව අධ්‍යනය කිරීමට කමිටුවක් පත් කර ඇති බවය.

ඒ හරහා ලෝක වෙළඳපලේ ගෑස් මිල වැඩිම පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් සිටින බවද ඇමතිවරයා පැවසීය.

මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන ප්‍රධාන සමාගම වන ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ අවම වශයෙන් රුපියල් 580කින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකළ යුතු බවයි.

ගාෆ් සමාගම සඳහන් කරන්නේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 540කින් අවම වශයෙන් මිල ඉහළ නංවන ලෙස ඉල්ලා තිබෙන බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements