Advertisement

රනිල්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (ජූනි 23) දිවුරුම් දුන්නේ ය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්‍ෂයේ ඉදිරි පෙළ 13 වන ආසනය වෙන්කර ඇති බවය.

එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩුව පැවති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් කරන ලද ගැසට් පත්‍රය ඉකුත් දා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබීය.

ඒ, පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය යෝජනා කිරීමට පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීමෙන් අනතුරුවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements