Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඇයි Telegram app එක WhatsApp app එකට වඩා හොද?

Telegram app එකත් WhatsApp වගේම තමයි. එත් whatsapp වල‍ට වඩා Features මේ app එකේ තියෙනවා. මේ වෙද්දී Telegram ගැන ලොකුවට කතාබහ කරන නිසා අපි බලමු ඇයි Whatsapp වලට වඩා Telegram හොද කියලා...


අසීමිත දත්ත ගබඩාව

WhatsApp පාවිච්චි කරන කට්ටිය දන්නවා ඇතිනේ ඔයාලගේ Videos, Images Share කරද්දී Quality බහිනවා කියල. එත් මේ app එකේ එහෙම දෙයක් වෙන්නේ නෑ. ඔයාට ඔයාගේ files උපරිම 2GB වෙනකන් share කරන්න පුළුවන්. ඒ වගේම Unlimited Storage පහසුකමත් මේ app එකෙන් දීලා තියෙනවා.

200,000 දක්වා group members එකතු කරගැනීමේ හැකියාව

WhatsApp group එකක උපරිම 256 විතරක් එකතු කරගන්න පුළුවන් උනාට Telegram වල ඔයාට 200,000 වෙනකන් ඔයාගේ group එකට කට්ටියව add කරගන්න පුළුවන්. මේක ඔයාට ඔයාගේම කියල community එකක් හදාගන්නනම් ගොඩක් වටිනවා.

Account 3ක් දක්වා එකම device එකක පාවිච්චි කරන්න පුළුවන්

WhatsApp වල ඔයාට එක පාරකට එක acoount එකක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් උනාට telegram වල account 3 ක් save කරගෙන එක device එකක පාවිච්චි කරන්න පුළුවන්. එක account එකකින් devices කිහිපයකින් log වෙලා කිසි ප්‍රශ්නයක් නැතුව use කරන්නත් පුළුවන්. Dual app දාල නිකන් phone slow කරගෙන පාවිච්චි කරත් WhatsApp වල උපරිම account දෙකයිනේ පුළුවන්. ඒවගේම whatsapp එකෙන් pc එකට මොනවහරි දාගන්න ගියාම කන්න ඕනේ කට්ට. Telegram එකේ ඒවා මුකුත් නෑ. කෙලින්ම pc එකෙන් ලොග් වුනා, වැඩේ කරගත්තා, simple!

ස්වයන් විනාශ වන පණිවිඩ/screenshots

මේ option එක තියෙන්නේ secret chat කියන Mode එකේ. මෙතැනදී ඔයාට සහ අනිත් කෙනාට ඉතා රහස්‍ය, විශ්වාසවත් පණිවිඩ හුවමාරුවක් කරගන්න පුළුවන්. මේ chat mode එකේදී තප්පර ගානක් ඇතුලත විනාශ වන පණිවිඩ වගේම ක්ෂණිකව පෙන්නලා අයින් කරන්න පුළුවන් photos වගේ වැඩ කරන්න පුළුවන්. නිකමට හරි අනිත් කෙනා chat එකේ screenshot එකක් ගත්තොත් ඒක chat wall එකේ display වෙනවා. ඉතින් බොරු බෑ වගේම ඉතාම secure.

මේ මෑතකදී WhatsApp ආයතනය අලුත් privacy policy එකක් ඉදිරිපත් කරා. Privacy policy එකට එකග උනොත් Whatsapp වලට ඔයාගේ IP address එක, ඔයා active ඉන්න වේලාවන් වගේ තොරතුරු එකතු ගන්න පුළුවන්. මේකට එකග නොවුනොත් මුලින්ම ඔයාට message කරන්න බැරි වෙනවා, reply කරන්න විතරයි පුළුවන් වෙන්නේ. Voice/video call ගන්න පුළුවන්. ඊට පස්සේ තව ටික දවසකින්, voice/video call ගැනීමේ පහසුකමත් නැති වෙනවා. කොටින්ම Whatsapp එක වැඩක් නැති තත්වෙට පත් වෙනවා. මේ සම්බන්දව විවේචන ගොඩක් whatsapp-facebook සමාගමට දැනටමත් එල්ල වෙලයි තියෙන්නේ.

ඔයාලා telegram එක download කරලා try කරලා බලන්න. ඔයාලට එක වාසි කියලා හිතුනොත් fully මාරුවක් දාන්න WhatsApp වලින්. අනිවරෙන් මේ article එක ඔයාගේ යාලුවන්ටත් share කරන්න.

මේ ගැන අපිට කිව්වේ සයිබර් Talk කියලා FB Page එකකින්. ඔයාලට තව මේ වගේ වගේ tech updates දැනගන්න සයිබර් Talk page එක Follow කරන්න. මේ article එක ඔයාලට වැදගත් කියලා හිතෙනවනන් comment එකක් දන්න අමතක කරන්න එපා.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook