Featured News

Video Gossip

Advertisement


කොළඹ හා ආසන්න ප්‍රදේශයන් තුළ පැතිරෙමින් එන කොරෝනා ප්‍රභේදය කුමක්දැයි හඳුනා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙරට පැතිර යන්නේ එක් ප්‍රභේදයක් ද නැතිනම් ප්‍රභේද කිහිපයක්ද යන්න ඉන් සොයාගත හැකිවනු ඇතැයි එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටී.
මෙරට පැතිර යන්නේ එංගලන්ත වෛරස ප්‍රභේදය බව පසුගිය අප්‍රේල් මාසයේ දී සිදුකළ පරීක්ෂණයකින් හෙලි වූ නමුත් රටේ තවත් ප්‍රභේදයන් පැතිර යන්නේද පිළිබඳව මෙම නව පරීක්ෂණයෙන් සොයා ගත හැකි වනු ඇතැයිද ජීවන්දර මහතා කියා සිටියේය.

දින තුනකින් පමණ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ හැකි වනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements