Advertisement


සෙරන්ඩිබ් සමාගම කිලෝ 50ක තිරිඟු පිටි මිටියක මිල රුපියල් 18න් ඉහළ දමා තිබීම සැලකිල්ලට ගනිමින් ලබන සතියේදී පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් වැඩි කිරීමට සිදුවන බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.

පාන් ගෙඩියක් රුපියල් හැටත්, හැට පහත් අතර මිලකට මේ වනවිට අලෙවි වන බවත්, ඉදිරි සතියේදී එම මිල රුපියල් දහයකින් වැඩි කිරීමට සිදුවුවහොත් පාන් ගෙඩියක මිල රුපියල් හැත්තෑ අටක්, අසූ තුනක් දක්වා ඉහළ දැමීම වැළැක්වීමට හැකියාවක් නොමැති බවත් එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

සෙරන්ඩිබ් සමාගම රුපියල් දහඅටකින් පිටි මිල වැඩි කිරීම හේතුකොට ගෙන පෙර පැවැති මිලට වඩා රුපියල් නවසීයක් වැඩියෙන් පිටි මිටියක් ගැනීමට බේකරි හිමියන්ට සිදුව තිබීම නිසා පාන් ගෙඩියක මිල දැනට පවතින මිලට වඩා රුපියල් 10ක් වැඩිකර විකිණීමට සිදුවන බව ද එහි සභාපතිවරයා කීය.

සෙරන්ඩිබ් සමාගම පිටි මිල වැඩි කිරීම හේතුවෙන් ඉදිරියේදී ප්‍රීමා සමාගම ද පිටි මිල වැඩි කිරීමට ඉඩ ඇති බව ද මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් රජය නිසි ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව ද ඒ මහතා පැවසීය.

පාන් මිල වැඩි කිරීමට සිදු වුවහොත් එය බේකරි හිමියන්ගේ සංගමයේ වරදක් නොව, පිටි මිල ඉහළ දැමීමට අවසර ලබාදුන් රජයේ වරදක් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements