Advertisement

ඉක්මන්ටම පැතිරෙන ඩෙල්ටා එක්ක සෙල්ලම් බෑ


ඩෙල්ටා කොරෝනාවෛරස ප්‍රභේදය සුළුකොට තැකිය හැක්කක් නොවන බව පෙන්වා දෙන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂක විධිවිධාන තර කිරීම සඳහා ලැබී ඇති තොරතුරු හොඳට ම ප්‍රමාණවත් යැයි අවධාරණය කරයි.

ඩෙල්ටා කොරෝනාවෛරස ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් තිදෙනකු මේ වනවිට වාර්තා වී ඇති බවත් එම වෛරස ප්‍රභේද ආසාදිතයන් තවදුරටත් වාර්තා වීමේ අවදානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

මෙතෙක් පවත්වා ගෙන ගිය අයුරින් ම ආරක්ෂක විධිවිධාන තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නම්, වෛරසය පැතිරීම පුරෝකථනවල දක්වා ඇති ආකාරයට ම අවම සංඛ්‍යාවකට ගෙන ඒමට හැකියාවක් ඇතැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

මුව ආවරණ නිසි අයුරින් පැළඳ සිටී නම් වෛරස ව්‍යාප්තිය සිදු නොවන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් එක් පුද්ගලයකුගේ ලිහිල් වීමක් සමස්ත පරිසරය ම විනාශ වීමට රුකුලක් වනු ඇතැයි සඳහන් කරයි.

එවැනි රෝගීන් කැඳවීමෙන් ආයතනවල කොරෝනා අවදානමක් මතුවිය හැකි යැයි පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් උණ රෝගයෙන් පෙළෙන සේවකයන් ගැන දැඩි අවධානයකින් සිටින ලෙසට ද දැනුම් දෙයි.

මේ අතර, වායුසමනය කරන ලද ස්ථානවල හෝ සම්පූර්ණයෙන් ම වැසුණු ස්ථානවල රාජකාරි කරන පිරිස් මුව ආවරණ නොමැතිව එකට කතාබස් කරමින් ආහාර ගැනීම හෝ තේ පානය කිරීම හෝ සාකච්ඡා පැවැත්වීම වැනි කටයුතුවලින් වළකින ලෙස ද හේරත් මහතා වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.

කොවිඩ් මරණ ශීඝ්‍රයෙන් වැඩිවීම ගැන සොයන්න විශේෂඥ වෛද්‍ය කමිටුවක්

ජූනි මාසය තුළදී කොවිඩ් රෝගීන් ශීඝ්‍ර ලෙස මිය යෑමට හේතුව කුමක් ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පියවර ගෙන තිබේ.

ඉකුත් අප්‍රේල් මාසයේදී කොවිඩ් මරණ එකසිය දහයක් ද (110) මැයි මාසයේදී එවැනි මරණ අටසිය හයක් ද (806) සිදුව තිබීම හා එම සීමාවන් ශීඝ්‍ර ලෙස ඉක්මවමින් ජූනි මාසය තුළදී පමණක් එවැනි මරණ එක්දහස් පන්සියයකට (1500) වැඩි සංඛ්‍යාවක් සිදුව තිබීම සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මෙම කමිටුව පත්කර ඇත.

ඇල්ෆා කොරෝනාවෛරස ප්‍රභේදය මෙරට තුළින් හමුවීම මෙම මරණවලට හේතුවක් වී තිබේ ද එසේ නොවේ නම්, වෙන යම් හේතුවක් නිසා ද යන්න පිළිබඳව සොයා බැලීමට ද මෙම කමිටුවට පැවරී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements