Featured News

Video Gossip

Advertisement


සිර දඩුවම් නියම සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ලබන සතියේදී ඉවත් කරගැනීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .

නිවෙසක් සොයාගන්නා තුරු රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔහුට කලින් හිමිව තිබූ නිවසේ තබා ගැනීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගෙන් මෙයට ඉහතදී ඉල්ලීමක් කර තිබිණ .

ඒ අනුව රත්වත්තේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග සාකච්ඡා කර ඒ සඳහා මාස තුනක සහන කාලයක් සානුකම්පිත හේතු මත ලබාදීමටදී තිබිණ .

එම මාස තුනක සහන කාලය ලබන විසි වෙනිදාට අවසන් වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති .

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා සමග ඉදිරි දිනවලදී සාකච්ඡා කර කිසියම් තීරණයක් ගන්නා බවයි .

නවක මන්ත්‍රීවරුන්ට ලබාදීමට නිවාස ප්‍රශ්නයක් පවතින බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය .

නමුත් ගොසිප්99 අපට වාර්තා වන්නේ මෙම නිවස ලාබාගතහොත් හිටපු මන්ත්‍රීවරයාට පුද්ගලික නිවසක් නොමැතිවීමෙන් මන්ත්‍රී නිවාසය තුල ඇති බඩු බාහිරාදිය දැමීම සදහා වෙනත් ස්තානයක් නොබැති වීමෙන් දැඩි ගැටලුවක් ඇතිවී ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements