Advertisement


මෙරට ගෑස් වෙළෙඳපොළ තුළ සියයට 30ක පමණ කොටසකට දායකත්වය සපයන්නේ ලාෆ් සමාගමයි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගන්න ඉහළ ගොස් ඇති බැවින් ඉල්ලූ මිල වැඩි කිරීම සිදු නොවූ නිසා ලාෆ් ගෑස් සමාගම මේ වනවිට ගෑස් ආනයනය කිරීම පිළිබඳව ගැටලුවකට මුහුණ දී සිටී.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා,

පහුගිය කාලය පුරාම අපි පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටියා අපිට සාධාරණ මිල වැඩි කිරීමක් ලබලා දෙන්න කියලා. නමුත් මේ මිල වැඩි කිරීම ලබලා දුන්නේ නැ. ඒ කාරණා හේතුකොට ගෙන සහ අද ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි ඒ හේතුව නිසා ලබා ගන්න නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා ඒ හේතුව තුළ ගෑස් ආනයනය අඩු වෙලා තියෙනවා. මේක තමයි වෙළෙඳපොළේ හිඟයක් ඇති වීමට ප්‍රධාන හේතුව.

ලාෆ්ස් ගෑස් පාරිභෝගික ජනතාව පත්ව ඇත්තේ අසීරුතාවයට පිළියමක් ලෙස අවශ්‍ය වුවහොත් ලාෆ්ස් ගෑස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් ලබා දීමට ලිට්ට්‍රෝ ගැස් සමාගම සූදානම් බව රජය පවසයි.

පසුගිය දා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ලාෆ් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇති නමුත් එය ආවරණය කිරීමේ හැකියාව තම සමාගම සතුව ඇති බවය.

ඕනෑම වර්ණයකින් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීමට ලිට්රෝ සමාගම පියවර ගෙන ඇති බව ද ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා,

මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදිත් කතා කළා. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති වරයාත් කිව්වා එහෙම පුරවන්නට යන්නෑ කියලා. මොකද ඒක නීතිමය කාරණයක්. ඕනෑම රටක යහපත් වෙළෙඳපොළ තත්ත්වයක් තියෙන කොට තවත් කෙනෙක්ගේ වෙළෙඳ නාමය තව කෙනෙක් භාවිත කිරීම නීතියෙන් තහනම්. මොකද එම සිලින්ඩරය අපි නඩත්තු කරනවා. ඒකට පුරවලා අනතුරක් හරි යම් දෙයක් වුණොත් වගකීමක් භාර ගන්න බෑ. මේ තත්ත්වය මම හිතන්නෙ නෑ, තවම එහෙම එකඟතාවයකට හෝ යෝජනාවකට සාකච්ඡා වෙලා නෑ.

– newsfirst

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements