Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

හැමෝම හොයපු කවින්ද්‍යා අධිකාරීගේ ටැටූ නවය

කවින්ද්‍යා අධිකාරී කිව්වහම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම ඇය ප‍්‍රවීණ ගායන ශිල්පිණියක් වන සමිතා මුදුන් කොටුවගේ ආදරණීය දියණිය. කවින්ද්‍යා රංගන ශිල්පිණියක් විදිහටත් කාගේත් ආදරය දිනා ගත්තු චරිතයක්. කවින්ද්‍යා අධිකාරී ගැන පසු ගිය දවස්වල සමාජ මාධ්‍යයෙන් වැඩිපුර කතාබහට ලක්වුණා. ඒ ඇය කළ ටැටූ විලාසිතා ගැනයි. මේ කතාබහ ඉන් එහාට ගිය ඇගේ අලූත්ම කලා තොරතුරු ගැනයි.


කවින්ද්‍යා මේ දවස්වල ගීත කිහිපයක් කරන්න සූදානම් වෙනවා නේද?

ඔව්. මේ දවස්වල ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යනවා. අලූත් නිෂ්පාදකවරු කිහිපදෙනෙක් සමඟ. ඒ ගීත ටික ඉක්මනටම එළිදක්වන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔය අතරේ මගේ අම්මාගේ හොරණ එරන්දතී කලායතනයේ වැඩකටයුතුත් කරගෙන යනවා.


අලූත් ගීත කා අතින්ද නිර්මාණය වෙන්නේ?

චමත් සංගීත්” ෂෙනාල් මද්දුමගේ කියන දෙදෙනා එක්ක තමයි ගීත දෙක නිර්මාණය කරන්නේ. ඒ වගේම තවත් ගීත කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් මට ඔවුන්ට කතා කරන්න වෙලාවක් නැතිවෙලා තියෙනවා.

හදිසියේම ගීත කිහිපයක් කරන්න හිතුවේ ඇයි?

සමහර වෙලාවට මගෙත් එක්ක ගොඩක් කාලයක ඉදන් ගීතයක් කරන්න අහපු අයත් හිටියා. ඒ අයට තවම කතා කරන්නත් බැරිවුණා. මෑතකදී කතා කරපු චමත් සහ ෂෙනාල් අයියල නිර්මාණය කරපු පද රචනා වලට මම කැමැතියි. අනික විශේෂයක් කියලා නැහැ අනික අපි සමහර කාලවලට පුංචි විරාමයක් ගන්නවානේ. අනික මම විරාම අරගන්නවා නෙමෙයි. මම හරි කම්මැලියි.

ගයාන් සමඟ කරන මියුසික් පොට් වැඩසටහනට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

ඒකත් හොඳට කරගෙන යනවා. ගයාන් එක්ක වැඩකරන්න පටන් ගත්තාට පස්සේ හොඳ ප‍්‍රතිචාර තියෙනවා.

යළිත් සිනමාවට ආරාධනා නැතිද?

සිනමාවට ආරාධනා ලැබුණා. ඒ වගේම ටෙලි නාට්‍යවලටත් ආරාධනා ලැබුණා. නමුත් වෙලාවකට මම අර මුලින් කිව්ව කම්මැලිකම තමයි තියෙන්නේ.

ටෙලි නාට්‍යවල රඟපාන්න අකමැතිද?

නැහැ. මම කැමැතියි. නමුත් ගොඩක් දිගට ටෙලිනාට්‍යවලට නැතිව කොටස් කිහිපයක් තියෙන ටෙලිනාට්‍යවලට මම කැමැති. දැනට මට ආරාධනා ලැබුණේ මෙගා ටෙලි නාට්‍යවලට.

දිවිතුරා හින්දා තාත්තා ආපහු නළුවෙක් වෙලා නේද? ඒ ගැන මොකද හිතන්නේ?

පුදුම සතුටුයි. මම හිතන්නේ අම්මයි තාත්තයි ගොඩක් ඉස්සර රඟපාලා තියෙනවා. මම රඟපෑවෙත් ඔවුන්ගෙන් ලැබුණ ආභාෂය හින්දයි. ගොඩක් කාලයකට පස්සේ තාත්තාව ටෙලිනාට්‍යයකින් දකින්න ලැබීම හරිම සතුටුදායක කාරණාවක්.

කාවින්iා තාත්තාට කතා කළේ නැතිද?

කතා කළා. කතා කළා. මම කතා කරලා මගේ අදහස් කිව්වා. ඔහුත් කතා කරලා මට නාට්‍යයේ විස්තර කියනවා.

අම්මත් එක්ක සංගීත ආශ‍්‍රමයේ වැඩකටයුතු වලට සම්බන්ධ වෙලානේද ඉන්නේ?

මම ඇත්තටම භාරව ඉන්නේ හොරණ එරන්දතී කලායතනයේ. අපිට කලායතන දෙකක් තියෙනවා. අනෙක් එක තියෙන්නේ කුරුණෑගල. කුරුණෑගල කලායතන කරන්නේ මගේ මාමා සංජය බෝතොට. හොරණ කලායතනයේ පිහිටෙව්වේ අපේ සීයා.

එරන්දතී කලායතනයේ වගකීම ඔබ තනියමද දරන්නේ?

මගේ පිටුපස්සේ ගොඩක් අය ඉන්නවා. විශේෂයෙන් ලලනි නැන්දා. ආරියදාස මාමා. මහේෂ් අයියා ඇතුළු පිරිස මට උදව්වට ඉන්නවා. මම වැඩභාර අරගෙන අවුරුදු තුනක් විතර වෙනවා.

අම්මාගෙන් සංගීත වැඩවලට මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

අම්මාගෙන් සංගීතයට විතරක් නෙමෙයි ජීවිතයේ හැමදේකටම ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ ජීවිතයේ හැමදේකටම උදව් කරන්නේ මගේ අම්මා.

ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත්

දුකක් නැහැ. ඒක තමයි මුලින්ම කියන්න තියෙන්නේ. මම මේ වෙනකොට ගොඩක් ශක්තිමක් කාන්තාවක්. දුවක්. අක්කා කෙනෙක්. මම මේ ඉන්න තැන ගොඩක් ආඩම්බරයි. අතීතයේ වුණ හැම සිදුවීමක්ම නිසා තමයි මම අද මේ ලස්සනට මගේ ජීවිතය අරගෙන යන්නේ.

විලාසිතාවලට මොනවගේ නැඹුරුවක්ද තියෙන්නේ?

මම ඇත්තටම විලාසිතා ලොකුවට කරන කෙනෙක් නෙමෙයි. මම හරිම සාමාන්‍ය විදිහට විලාසිතා කරන කෙනෙක්. ගොඩක් වෙලාවට කැමැති ටී ෂර්ට් එකයි ඩෙනිමයි කියන ඇඳුමට.

කවින්ද්‍යා කියන්නේ මොනවගේ චරිතයක්ද?

ඉතාමත් සංවේදී හදවතක් තියෙන නිහතමානී පොළොවේ පයගහලා ඉන්න කෙනෙක් කිව්වොත් හරි.

ජනපි‍්‍රයත්වය ගැන මොකද හිතන්නේ?

ජනපි‍්‍රයත්වයත් මම විශ්වාස කරන්නේ මට ඉන්න රසික රසිකාවියෝ අදටත් මාව දිරිගන්වනවා කියලයි. හැම තිස්සේම මට හොඳ නරක දෙකම කියලා දෙනවා. ඔවුන්ගේ ශක්තිය මට වැදගත්.

ආදරය විවාහය ගැන දැන්ම හිතන්නේ නැතිද?

ඉස්සර නම් අවුරුදු 25 න් බඳින්න ඕනෑ කියලා තීරණයක් තිබුණා. මගේ අම්මාට මාව ලැබෙන්නේ අවුරුදු 23 න්. මගේ අම්මගෙයි මගෙයි සම්බන්ධය ගැන හරිම ආඩම්බරයි. ඉතිං මටත් ඉස්සර ඉස්කෝලෙ යන කාලේ ඉඳන් ඕනෑ වුණා අවුරුදු 25 න් බැඳලා ලස්සන පවුලක් එක්ක ජීවිතය ගත කරන්න. නමුත් දැන්නම් එහෙම ලොකු අදහසක් නැහැ. ඉදිරියට මොනවිදිහේ දෙයක් වෙයිද දන්නේ නැහැ. දෛවය තමයි සියල්ල තීරණය කරන්නේ.

ටැටූ විලාසිතා හින්දත් කවින්ද්‍යා ගැනත් පසු ගිය කාලයේ හරියට කතාබහක් ඇතිවුණා නේද?

ඔව්. මම හිතන්නේ ඒක ලොකුවට කතා බහ කරන්න දෙයක් නෙමෙයි. අපේ ලංකාවේ ඇතුලේ ඕනෑම දෙයක් කළහම මිනිස්සු විවේචනයට ලක්වෙනවානේ. ඒක සාමාන්‍ය දෙයක්. අපේ අතේ තමයි තියෙන්නේ ඒ දේවල් හරි විදිහට ගන්න එකයි වැරදි විදිහට ගන්න එකයි. හැමදේම කලාවක්. ටැටූ කියන්නෙත් කලාවක්. මම ටැටූ කලාවට ගොඩක් ආසයි. මම ටැටූ එකක් කළා කියලා කාටවත් හානියක් වෙන්නේ නෑ. ඒක මගේ කැමැත්ත මත කරන දෙයක්. මගේ කැමැත්ත මත කරන කෙනෙකුට හානියක් වෙන්නේ නැති දෙයක් කරන්න මම කවදාවත් බයවෙන්නේ නැහැ.

දිනේෂ් විතාන

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook