Advertisement

ලංකාවේ කොවිඩ් වසංගතය 4 වන මට්ටමට ඇවිත් - GMOA

කොවිඩ් - 19 වසංගත තත්ත්වයේ 4 වන අවදානම් මට්ටමට රට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර එම මට්ටමට අනුව ගත යුතු ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ, එහිදී සිදු විය යුත්තේ සමාජය තුළ පුද්ගල සංචරණය 80-90%ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බවය.
ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කොවිඩ් කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු අතර එය නිසි පරිදි සිදුවේ ද යන්න පසුවිපරම් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වන විට විද්‍යාත්මක පදනමකින් තොරව සිදු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements