Advertisement

හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 8ක් ඇතුළු 26කට කොරෝනා

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් අටදෙනකු ඇතුළු 26දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ආසාදිත අනිකුත් පිරිස අතර හෙද හෙදියන් නවදෙනකු, සෞඛ්‍ය කාර්ය සහායකයන් හයදෙනකු මෙන්ම ලිපිකරුවන් දෙදෙනකු හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ද වන බව වෛද්‍ය අධිකාරිවරයා කීය.
එම ආසාදිත පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු මෙන්ම සුළු සේවකයකු ද වන බව වෛද්‍ය අධිකාරිවරයා කීවේය. ආසාදිත සුළු සේවකයන් දෙදෙනකු පමණක් හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස්වල ප‍්‍රතිකාර ලබන බව ද වෛද්‍ය අධිකාරිවරයා පැවසීය. මීට වසරකට පමණ ඉහතදී කොරෝනා

රෝගීන් සඳහාම ප‍්‍රතිකාර කරන රෝහලක් බවට පත් කළ හෝමාගම මූලික රෝහලේ මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් දෙසිය විස්සක් පමණ ප‍්‍රතිකාර ලබනවා. එයින් විශාල ප‍්‍රමාණයක් දැඩි සංකූලතා සහිත රෝගීන්. වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය මෙලෙස ආසාදිතයන් බවට පත්වූවොත් ඉදිරියේදී රෝහලේ එදිනෙදා කාර්යයන්ට විශාල බලපෑමක් එල්ල වීමට බොහෝ හැකියාවක් තියෙනවා යැයි වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

කැස්බෑව ජයසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements