Advertisement


ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට සම්පූර්ණයෙන් වසා දැමීමට සැලසුම් කරන බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පළවී තිබේ.

රට සති කිහිපයකට හෝ වසා තබන ලෙස මල්වතු - අස්ගිරි පාර්ශවවල මහ නාහිමිවරුන්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ඇතුළු පාර්ශව රැසක් ඉල්ලීම් කර ඇත.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, රට වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

මේ අතර, මේ සම්බන්ධයෙන් අපි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතාගෙන් ද විමසීමක් කළෙමු.

ඔහු ප්‍රකාශ කළේ, රට වසා දැමීමක් ගැන ආරංචි පැවතිය ද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති අතර නිල ප්‍රකාශයක් ද කර නොමැති බවය.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එවැන්නක් සම්බන්ධයෙන් ද මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවය.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසක් ජනතාව සහ පළාත් පාලන ආයතන විසින් ස්වයං හුදෙකලාභාවයට පත්කර තිබේ.

mawbima

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements