Featured News

Video Gossip

Advertisement


මේ වන විට රටේ තත්ත්වය දරුණු බවත් එය සැඟවිය යුතු කාරණාවක් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඉදිරියේදී මෙම වසංගතයෙන් නව ප්‍රභේද ඇති වීම වැළැක්විය නොහැකි අතර ඒ සඳහා සූදානම් විය යුතු බවය.

"දැන් ඇත්තට ම ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණුයි මේ වෙලාවේ. ඒක හංගන්න දෙයක් නෙවෙයි. විශේෂයෙන් ම ඊළඟ සති දෙක වැදගත් තීරණාත්මක කාල පරිච්ඡේදයක් වෙනවා. මොක ද රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කාල සීමාවක් තමා ඉදිරියට එන්නේ.ඒ නිසා අත්‍යවශ්‍ය කටයුත්තකට මිසක් තමන්ගේ නිවසින් එළියට යන්න නරකයි. ඒ එළියට ගියොත් ඒ වෛරසයට නිරාවරණය වෙනවා ඒ ලෙඩේ හැදෙන්න පුළුවන් කියන එක හිතේ තියාගෙන ම එළියට යන්න ඕන. මොක ද ඒ තරම් ම මේ වෛරසයේ ස්වභාවය ඉතා ම දරුණු එකක්."

"ඇතැම් රටවල්වල එම ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතියක් එක්ක අලුත් ප්‍රභේද ඇති වෙලා තියෙනවා. ඩෙල්ටා ප්ලස් කියල එකක් ආවා. ඒ වගේ හැකියාවක් තියෙනවා සම්භාවිතාවක් තියනවා වෛද්‍ය විද්‍යානුකූලව බැලුවහම අලුත් ප්‍රභේදයක් බිහි වෙන්න. හැබැයි මේ වන තෙක් අපිට එවැන්නක් වාර්තා වෙලා නැහැ. ඉතින් එහෙම වෙන්න බැරිකමක් නැහැ. විශේෂයෙන් ම මේ වෙනකොට ලෝකයේ රටවල් කිහිපයක ලැම්ඩා සහ එප්සයිලන් නමින් හඳුන්වන අලුත් ප්‍රභේද දෙකක් පැතිරෙමින් පවතිනවා. එප්සයිලන් කියන ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයටත් වැඩිය භායනකයි. එය විශේෂයෙන් ම එන්නත්වලට ප්‍රතිරෝධි ආකාරයට නිර්මාණය වෙච්ච අලුත් ප්‍රභේදයක් කියල තමයි විශේෂඥයෝ පෙන්නලා දීලා තියෙන්නේ," යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements