Featured News

Video Gossip

Advertisement

හොරණ සිසු දියණියගේ පිළිකා ආධාර මුදල් සොරාගත් තාක්ෂණවේදියා කොටුගරගත් හැටි

හොරණ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන දැරියකට වැළඳී තිබූ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබාගැනීමට ආධාර පිණිස බැංකු ගිණුමකට බැර වී තිබූ රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් 'ඇප්' එකක් හරහා වංචනික ලෙස ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු පරිගණක තාක්ෂණය සම්බන්ධයෙන් සිංගප්පූරුවේදී විශේෂ පාඨමාලාවක් හැදෑරූ පුද්ගලයෙක් බව පොලිසිය පැවසීය.

එම පුද්ගලයා සන්තකයේ තිබී සිම්පත් 14ක්, පාවිච්චි නොකරන ලද සිම්පත් 7ක්, ජංගම දුරකතන දෙකක් හා pen drive එකක් පොලිස් භාරයට ගෙන ඇත.

එම විද්‍යාලයේ ගුරුවරුන්, මවුපියන් සහ ආදි ශිෂ්‍යයන් විසින් දැරියගේ රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මුදල් ආධාර බැර කරන ලෙස facebookහි දැන්වීම පළ කර පියාගේ බැංකු ගිණුම් අංකය සහ ජංගම දුරකතන අංකය ද සඳහන් කර තිබූ බව පොලිසිය කියයි.

ඉකුත් මස 9 වන දින දැරියගේ පියාගේ ජංගම දුරකතනයට කතා කළ පුද්ගලයෙකු දියණියගේ රෝගයට ප්‍රතිකාර ගැනීමට රුපියල් 20,000ක් තැන්පත් කරන බවත් එයට ජාතික හැඳුනුම්පත් අංකය ලබාදෙන ලෙස ද ඉල්ලා ඇති අතර දැරියගේ පියා විසින් හැඳුනුම්පත් අංකය එම පුද්ගලයා වෙත ලබාදී තිබූ බව පොලිසිය කියයි.

ඊට මඳ වේලාවකට පසු ගිණුමෙන් සත 56ක මුදලක් අඩු වූ බවට සටහන් කෙටි පණිවුඩයක් දැරියගේ පියාගේ ජංගම දුරකතනයට ලැබී ඇති අතර එයින් සුළු වේලාවකදී බැංකු කළමනාකරුගෙන්ද දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර එයින් කියවී ඇත්තේ ගිණුමේ රහස් අංකය කිසිවෙකුට ලබානොදෙන ලෙසය.

රුපියල් 20,000 තැන්පත් කරන බව කියූ පුද්ගලයා විනාඩි දහයකට පමණ පසු නැවතත් දැරියගේ පියාට ඇමතුමක් ගෙන මුදල් ආවාදැයි විමසා තිබූ අතර එම පුද්ගලයාට ඔහු කියා ඇත්තේ මුදල් වැටුණේ නැහැ ගිණුමෙන් සත 56ක් නම් අඩු වුණු බවය.

'හරි ඔයාගේ ගිණුමට සල්ලි වැටෙයි' යැයි පවසා එම පුද්ගලයා දුරකතනය විසන්ධි කර මඳ වේලාවකට පසු අවස්ථා නවයකදී වරින් වර සිය ගිණුමෙන් මුදල් අඩුවන බවට පියාගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩ ලැබී තිබූ බව පොලිසිය කියයි.

දැරියගේ පියා වහා ක්‍රියාත්මක වී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ඒටීඑම් යන්ත්‍රයකට ගොස් කාඩ්පත දමා පරීක්ෂා කිරීමේදී සිය ගිණුමේ රුපියල් 17,000 පමණක් තිබූ බවත් නිවසට පැමිණ වැඩිදුර පරීක්ෂා කිරීමේදී ගිණුමේ තිබූ රුපියල් තුන් ලක්ෂ එකසිය අසූවක මුදලක් අඩු වී ඇති බවට දැනගැනීමට ලැබී තිබූ බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් අනුව ඒකක 5 අංශයේ නිලධාරීන් දුරකතන වාර්තා ඔස්සේ කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එරාවුර් අයියන්කේනි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් වන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු මේ ආකාරයෙන් ආධාර මුදල් පරිත්‍යාග කරන මුවාවෙන් රෝගීව සිටින අසරණ මිනිසුන් රවටා මුදල් වංචා කිරීම් රැසක් කර ඇති බවට ඔහු සන්තකේ තිබූ සිම්පත් රැසින් සනාථ වන බවත් එලෙස මොහුගේ වංචාවට අසු වූ යමෙක් වෙතොත් ඒ සම්බන්ධයෙන් නොපමාව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිලි කරන ලෙස ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements