Advertisement


කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරමින් ඇති රැුපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් හමුවුණ ආසාදිතයන් ගණන ඉතා ඉහළ ගොස් අතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ උප සභාපති යූ.ටී. කුලතිලක මහතා පෙන්වා දෙන්නේ සිදුකරන සියලු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ආසාදිත වීමේ තත්වයක් පෙන්වමින් ඇති බවයි.

අද වන විට කොරෝනා ආසාදිතයන් එකසිය පනහකට වඩා වැඩි පිරිසක් අධීක්ෂණය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයකුට සිදුවී ඇති බවද පැවසූ ඔහු එම රාජකාරියට අමතරව තවත් රාජකාරි කටයුතු පැවරෙන නිසා ඒ සියල්ල කරගත නොහැකි තරමේ පීඩනයකින් නිලධාරින් සිටින බවත් පැවසීය.

එනිසා මේ සම්බන්ධයෙන් උපකාරක සේවාවක් අවශ්‍යතාවය ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයන්ගෙන් බරපතළ රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් රෝහල්ගත කිරීමට සහ මළ සිරු පිළිස්සීම අධීක්ෂණය කිරීම මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රමුඛම රාජකාරිය වී ඇති බවද ඔහු කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements