Featured News

Video Gossip

Advertisement


කොරෝනා ආසාදිතව මෙරට මිය යන සියලු පුද්ගලයන්ගේ මරණ වලට වගකීම කොරෝනා මර්ධන බලකාය විසින් භාරගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එනිසා රජය වහාම කොරෝනා මර්ධන බළකාය විසුරුවා හැර නීත්‍යානුකූල ව ඇති ආයතන මාර්ගයෙන් කොරෝනා මර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය.

එසේ නොකළහොත් ශ්‍රී ලංකාව 21 වන ශත වර්ෂයේ විශාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

දැනට ආණ්ඩුව කොරෝනා මර්දනයට ගෙන යන ක්‍රමවේද අසාර්ථක යැයි ද කී ඔහු තවත් ප්‍රමාද නොකර නීත්‍යානුකූලව ස්ථාපිතව ඇති ආපදාකළමනාකරණ මණ්ඩලය මඟින් මේ අර්බුදයෙන් ගොඩ ඒමට සැලසුම් සැදිය යුතු බව ද කියා සිටියි.

ඒ මහතා මේ අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements