Featured News

Video Gossip

Advertisement


හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනයයි.

ප්‍රබල දේශපාලන පවුලක පුතෙකු ශ්‍රී ලංකා දේශපාලන කරලියට පිවිසීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්ථා කර තිබුණි. ඒ වාර්ථා වලට මාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව තරයේ ප්‍රකාශ කරමි.

ඉකුත් වසර 21 පුරාවටත්, තවදුරටත් පශු වෛද්‍යවරයෙකු ලෙස මාගේ වෘත්තියටත් සහ පශු අක්ෂි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ පුහුණුව සඳහාත් සම්පූර්ණයෙන් කැපවී එක්සත් රාජධානියේ සේවය කරමින් සිටිමි.

මාගේ මාතෘ භූමියට මම ආදරය කරමි. මාගේ පෞද්ගලික හැකියාවන් තුළින් මා වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු පිළිබඳව අන් අය දැනුවත් කිරීම සහ ඒවා වෙනුවෙන් කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වීමට මාගේ කිසිම අදහසක් නොමැති බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටිමි. එම නිසා අනාගතයේ මා ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට පළ වන වාර්ථා සම්පූර්ණයෙන් බැහැර කරන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ගෞරවණිය, සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට මා දැඩි උත්සාහයක් දරා ඇත. මාගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් මම ශ්‍රී ලාංකේය මාධ්‍යවලින් සහ මහජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට
හිතවත්
වෛද්‍ය. විමුක්ති කුමාරතුංග

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements