පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා [ Ajith Nivard Cabraal] මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කර තිබේ.
සැප්තැම්බර් 15 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකරනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඔහු මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කළ අතර වසර 9කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.
එම වසර 9කට ආසන්න කාලය සඳහා අදාළව විශ්‍රාම වැටුප් ගෙවන ලෙසට ඔහු ඉල්ලීමක් ද කර තිබිණි.
මේ අතර, මෙතෙක් මහ බැංකු අධිපති ධූරය දැරූ මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා "සිත් රිදවීම් නිසා" තමන් නියමිත දිනට පෙර ධූරයෙන් සමුගන්නා බවට ප්‍රකාශයක් කළේය.

