ගනු ලබන ඇතැම් තීරණවලට එකඟ වෙන්න බෑ කියා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් සායනික කමිටුවෙන් ඉවත්වේ
gossip
,
gossip lanka
,
News
,
Politics
,
ආනන්ද විජේවික්‍රම
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇත.
කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි හෙයින් තමා ඉන් ඉවත්වන බව විජේවික්‍රම මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊ-මේල් පණිවුඩයක් මගින් දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් අප ආනන්ද විජේවික්‍රම මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

