Featured News

Video Gossip

Advertisement

තවත් විශේෂඥ පිරිසක් කොරෝනා කමිටුවෙන් ඉවත්වෙයි

කොරෝනා තාක්ෂණ කමිටුවේ සාමාජිකත්වය දරන තවත් වෛද්‍ය විශේෂඥයන් පිරිසක් ඉදිරි දිනවලදී ඉවත්වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නොසලකා දේශපාලන තීන්දු තීරණ ගැනීම නිසා දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු වෘත්තීය ගරුත්වය රැක ගැන එම කමිටුවෙන් ඉවත් වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද එම සංගමයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
වෛද්‍ය උපදෙස් අනුව නිවැරදි ලෙස සංචරණ සීමා ක්‍රියාත්මක කලේ නම් කොරෝනා රෝගීන් සංඛ්‍යාව දස ගුණයකින් අඩු කර ගැනීමට හැකියාව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

විශේෂඥ උපදෙස් නොසලකා දේශපාලන උවමනාව මත තීරණ ගැනීම මත කමිටුවේ වැඩි සාමාජික පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements