Advertisement

ශුක්‍රාණු Online ක්‍රමයට ඇනවුම් කර දරුවෙකු සෑදූ තනිකඩ මව

බ්‍රිතාන්‍යයේ තනිකඩ මවක් ඔන්ලයින් ක්‍රමයට ශුක්‍රාණු සහ ශුක්‍රාණු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගෙන යූටියුබ් නිබන්ධන බලා බිළිඳෙකුට උපත ලබාදී තිබේ.

එම දරුවාට “ඊඩන්” ලෙස නම් තබා තිබෙන අතර ඇයට තවත් දරුවෙක්ද සිටී.

එම කාන්තාවට තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය තිබුන නමුත් සහකරු නොමැතිකමින් සාඵල්‍යතා සායනයක දී පවුම් 1600ක් ගෙවන ලෙස පැවසූ පසු ඇය මෙම මාර්ගයට පිවිස තිබේ.

ඇය Ebay වෙතින් සංසේචන කට්ටලයක් මිලදී ගත් අතර Just Ebay යෙදුම හරහා ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු සොයා ගත්තාය.
මෙම යෙදුම මඟින් පරිශීලකයින්ට දේශීය හෝ ගෝලීය වශයෙන් අනාගත “සංකල්ප සහකරුවන්” සොයා ගැනීමට ඉඩ සලසා දෙයි.

සති ගණනක් පණිවිඩ යැවීමෙන් අනතුරුව පරිත්‍යාගශීලියා 2020 ජනවාරි මසදී ශුක්‍රාණු ඇගේ නිවසට ඒවා තිබේ.

ඉන් අනතුරුව ටේලර් නම් මෙම කාන්තාව යූටියුබ් නිබන්ධනය නැරඹුවේ සංසේචන කට්ටලය භාවිතා කරන්නේ කෙසේදැයි දැන ගැනීමටයි. සති දෙකකට පසු ඇය ගැබ්ගෙන තිබිණි.

ඇගේ දරුවා ඊඩන් පසුගිය වසරේ ඔක්තෝබර් 15 වෙනිදා මෙලොවට බිහි කලාය. ටේලර් තම දරුවා ආශ්චර්‍යයක් ලෙස සලකන අතර ඇගේ බිළිඳා බිහිවූ ආකාරය ගැන අතිශයින් සතුටු විය.

තම පුත් ෆ්‍රැන්කි එකම දරුවා වීමට ඇයට අවශ්‍යව නැති නිසා ඇය මෙම තීරණයගත් බව ටේලර් පවසා තිබිණි. නව සම්බන්ධතාවක් නිසා තම පුතු අසතුටට පත්කර ඔහුගේ ජීවිතයට අහිතකර ලෙස බලපානු ඇතැයි ඇය බිය වූවාය.

ඇගේ මෙම තීරණය හේතුවෙන් ඇගේ මව මහත් උද්දාමයට පත් වූ බව පැවසූ නමුත් ඔන්ලයින් ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු මාර්ගයෙන් ළදරුවෙකු ලබා ගැනීමේ තීරණයට ඇගේ පියා අකමැතිවී සිටියද සුළු කාලයකින් පසු ඔහුද එයට කැමැත්ත පලකර තිබේ. නිර්නාමිකව සිටීමට කැමති පරිත්‍යාගශීලියා පැවසා තිබුණේ “ඇය පුදුමාකාර තැනැත්තියක් වන අතර අනාගතයේදී ඇයට තවත් දරුවන් ලැබීමට අවශ්‍ය නම් මම ඇයට සතුටින් උපකාර කරන බවයි.”






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements