Advertisement


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද දින සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබූ ඡායාරූපයක් ඉවත් කර ඇති බවක් පෙනී යයි.

ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසනු පිණිස ඔහු විසින් ක්‍රියාවට නංවා ඇති “ගොවි හදගැස්ම” වැඩසටහනේ දෙවැනි පියවර ලෙස තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ ගත් ඡායාරූපයක් වූ එයින් දැක්වුණේ මහ වැස්සක තෙමෙමින් ගොවීන් සමග සාකච්ඡා කරන අවස්ථාවකි.
කෙසේ වෙතත් එම ඡායාරූපය අනවශ්‍ය, අනුවණ ව්‍යාජ රංගනයක් බව සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා නැගෙන්නට විය.

එයින් ස්වල්ප වෙලාවකට පසුව දක්නට ලැබුණේ එම අවස්ථාවේ ගත් අන් ඡායාරූප එසේම තිබියදී විවේචනයට හේතු වූ ඡායාරූපය ෆේස්බුක් පිටුවෙන් ඉවත් කර ඇති බවකි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සූක්ෂම ආකාරයෙන් ආණ්ඩුවට සහයෝගය පලකරන බවත් අති විශාල ප්‍රමාණක ධනය සඟවාගෙන සිටින ලොව ප්‍රකට දේශපාලඥයන් සහ ක්‍රීඩකයන්ගේ නම් ඇතුළත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ඇමරිකානු මාධ්‍යවේදීන්ගේ සංගමයක් ඊයේ පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිවූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ අයථා වත්කම් පිළිබඳව  ආණ්ඩුව අපහසුතාවයකට පත්වන බැවින් ජන මතය වෙනත් දිසාවකට යොමුකරමින් එය යටපත් කිරීමට මෙවැන්නක් සිදු කරන ඇති බවද සමාජ ජාලාතුල කතාබහට ලක්විනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements