Featured News

Video Gossip

Advertisement


තමන් ඉතා තීරණාත්මක පැය අටක සැත්කමකට මුහුණ දීමට සූදානමින් සිටින බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ අදහස් පල කර ඇත.


ඔක්තෝබර් පළවෙනිදා.මම තීරණාත්මක පැය අටක සැත්කමකට මුහුණ දෙනවා.පහුගිය මැයි මාසෙ 1වෙනිදාත් මේ වගේම ජීවිතයේ තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන්නා.

මුළු ජීවිතයම අභියෝගයක් වගේම සෑම දවසක්ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී මට අත්දැකීමෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා.ඒ තුළින් මම මගේ ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා.

ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව මම විවිධ අවස්ථාවල අවදානම් සහගත පරීක්ෂණ වලට මුහුණ දීලා තියෙනවා.අභියෝග සහ අවදානමට මුහුණ දීමට කිසිම වෙලාවක මම පසුබට වෙලා නෑ.

නමුත් සම්පූර්ණයෙන්ම ජීවිතය සම්බන්ධව පරීක්ෂණ වලට මුහුණ දීමට ලැබීම අනෙක් සේරටම වඩා අභියෝගාත්මකයි.අවදානම් සහගතයි.
හෙට මුහුණ දෙන්නෙ ජීවිතය සම්බන්ධ අන්න එහෙම අවදානම් සහගත දෙවෙනි පරීක්ෂණයට .

ඒ වෙනුවෙනුත් මම සූදානම්!

එකම අභියෝගය දෙවරක් භාර ගන්න එකත් එක අතකට පුදුමාකාර අත්දැකීමක්.

මම රෝහල්ගත වූ බව දැනගත්ත මොහොතේ ඉඳලා මට සුවය ප්‍රාර්ථනා කළ ,ඒ වෙනුවෙන් වෙහෙසුන,අදටත්,මේ මොහොතේත් සොබාදහමේ සහ විවිධ ආගම් වල ආශිර්වාදය පතන, හිතා ගන්න බැරි තරම් විශාල පිරිසකගේ ප්‍රාර්ථනාවන් මට විශාල ශක්තියක්.මා ගැන විමසීම් කළ සියලුදෙනාටම ස්‍තූතියි.
ජීවිතය සම්බන්ධ මහා අරුතක් ඒ සියලු දෙනා එක් කළ බව ආදරයෙන් මතක් කරනවා.

මගේ පවුලේ සියලු දෙනා,මගේ වෛද්‍යවරුන්,මගේ හිත මිතුරන් ,වගේම මාව විවේචනය කළ අය පවා මට හදවතින් කළ ආශිර්වාදය ශක්තියක් වුණා.

අසනීප බවක් නො දැනෙද්දී පවා,තීරණාත්මක අවස්ථාවක් දෙකකදී කල් තියා මට ඒ බවට අනතුරු ඇඟවීම කළේ දෙවියන් හෝ ස්වභාදහමේ කිසියම් බලවේගයක් යයි මට හිතෙනවා. ඒක තාමත් මට අදහාගන්නට බැහැ.

ඉතින්,හෙටින් පසු තවදුරටත් මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් වෙන් කළයුතු බවට මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා. මට ශක්තිය දුන්නු,මග වටේ අත්වැල් පවුරක් වුණු,ඇතැම් විට මා එක්ක උරණ වූ සියලු දෙනා වෙනුවෙන් පවා කැපවිය යුතුයි කියලා මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා.

මම හැමදාම සත්‍ය සහ හදවතට එකගව හරි කියන දේ වෙනුවෙන් පෙනී සිටියා.

ඉතින්, මීටත් වඩා ලෙංගතුව,මීටත් වඩා ශක්තිමත්ව,මීටත් වඩා හෘදයාංගමව අනාගතයේ හමුවෙමු.
ඔබට ජය.!

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements