Advertisement

ලොක්කා නග්ග ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ - අපිට ගහන්න එපා
මෛත්‍රී මහින්දානන්දට කියයි

තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල නොකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමට වෙනත් ඕනෑ තරම් ක්‍රම ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමා වෙත අසත්‍ය චෝදනා එල්ල කළ බවට චෝදනා කරමින් අද (නොවැ. 25) පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළේ, "ලොක්කා නග්ග ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ගහන්න එපා. අපිට ගහන්නේ නැතුව ලොක්කා නග්ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා නේ," යනුවෙනි.
ආණ්ඩු පක්ෂ තුළ ගැටලු ඇති නොකර අචාරශීලී ලෙස කටයුතු කරන ලෙස මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ ය.

මේ සමබන්ධයෙන් වැඩිදුරට ත් අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේ ය.

"මම ඉතා ම කනගාටු වෙනවා අවලාද නගන එක මේ විදියට. මම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්. නමුත් ආණ්ඩුවේ ම ඇමතිවරයෙක් මේ විදියට දිගින් දිගට ම ප්‍රකාශ කිරීම ඉතාම ත් වැරදි යි කියලයි මම කියන්නේ. අපි පක්ෂයක් විදියට එනකොට පක්ෂ නායකත්වයට ආණ්ඩුවේ ම පිරිසක් මේ විදියට අසත්‍ය චෝදනා කිරීම බරපතළ වැරැද්දක්. මේවා දුර දිග යන්න දෙන්න එපා. අපි 14 දෙනෙක් පෙරේදා රැස්වෙලා තීරණය කළා මේ ප්‍රකාශය කරන්න. ඉතා ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ වැරදි ප්‍රකාශ මඩ ගැහිලි මේ විදියට ඉඩ දෙන්න එපා කියලා. අපිට ත් බොහෝම වේගයෙන් කතා කරන්න පුළුවන්. අපිට නම් ගහ ගන්න බැහැ. අපි හරි ම අහිංසක මිනිස්සු. මහින්දානන්ද ඇමතිතුමා ඊයේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ දුමින්ද දිසානායක ඇමතිතුමා එක්ක කියලා තිබුණා, දුමින්ද දිසානායක ඇමතිතුමා මට හවස කිව්වා, දුමින්ද ඇමතිතුමා ඇහුවා ලු මහින්දානන්ද ඇමතිතුමාගෙන් "මොකක් ද මේ වාහන පාවිච්චි කළා කියලා මේවා මේ වැඩක් නැති දේවල් නේ" කියලා. එතකොට මහින්දානන්ද ඇමතිතුමා එතුමාට දීලා තියෙන පිළිතුර තමයි, දන්නේ නැද්ද දුමි අපේ ලොක්කා නග්ගන්න ඕන නිසා අපි මොනවා හරි කියන්න එපැයි කියලා.

ලොක්කා නග්ග ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ගහන්න එපා. අපිට ගහන්නේ නැතුව ලොක්කා නග්ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා නේ. අපි ත් ඒ ලොක්කා එක්ක නේ මේ ආණ්ඩුවේ ඉන්නේ.

ඒ නිසා මීට වඩා සංවරව, මීට වඩා ආචාරශීලී ලෙස ආණ්ඩු පක්ෂය තුළ ප්‍රශ්න හදාගන්නේ නැතුව කටයුතු කරන්න. අපි ඒ මිත්‍රත්වය තියා ගමු. අපි පහළට වැටෙන්න ඕනේ නෑ. මහින්දානන්ද ඇමතිවරයෙක්. මම හිටපු ජනාධිපතිවරයෙක්. දයාසිරි ජයසේකර මහත්තයා හිටපු මහ ඇමතිවරයෙක්. ඒ නිසා අපේ මට්ටම්වලට ගැළපෙන විදියට කටයුතු කරමු."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements