Featured News

Video Gossip

Advertisement

චීන පොහොර නැව පිටුපස කොමිස් කන්දක් 
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් හෙළිකරයි

අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බවට වාර්තා වූ කාබනික පොහොර අඩංගු චීන පොහොර නැව පිටුපස කොමිස් තිබුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා අනාවරණය කළේය.

එක රැයෙන් කාබනික පොහොර වලට යෑම මෝඩ තීන්දුවක් බව පැවසූ මහාචාර්යවරයා තමා ඒ තීන්දුවට මුල සිටම විරුද්ධව සිටි බවද සඳහන් කළේය.
ඊට විරුද්ධව අදහස් පළ කිරීම නිසා සමහරුන් තමා සමඟ අමනාපයෙන් පසුවූ බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාද තමා සමඟ එසේ අමනාපයෙන් පසුවූ අයකු බවත් ඔහු කීවේය.

මේ අය තමාට විරුද්ධව ජනාධිපතිවරයාට කේලම් කියන්නට ඇතැයි තමා විශ්වාස කරන බවද උදිත් ජයසිංහ මහතා පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිත හොඳ පුද්ගලයකු වුවත් කලබලකාරීව වැඩ කරන අයෙකු බවද ඔහු කීය.

තමා සහ අලුත්ගමගේ මහතා අතර සමහර කරුණු සම්බන්ධයෙන් මතවාදී නොගැලපීම් ඇතිවූ බවද මහාචාර්යවරයා පැවැසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements