Featured News

Video Gossip

Advertisement

ව්‍යවසාය 2022 අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය - 
අපේ දේ අරගන්න BMICH එන්න

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් 09 වන වරටත් සංවිධානය කරන ලද “ව්‍යවසාය 2022” අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය අද (අප්‍රේල් 01) දින පෙ.ව. 10.00 තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මැතිතුමා ප්‍රමුඛ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් BMICH පරිශ්‍රයේදී මහජනතාව සඳහා විවිතෘ කරන ලදී.

ළඟ එන සිංහල හා හින්ඳු අලුත් අවුරුද්දට ඔබට අවශ්‍ය ඇඟලුම්, පාවහන්, ආභරණ, බෑග් වර්ග, ආයූර්වේද නිෂ්පාදන, ආහාර හා රසකැවිලි, විසිතුරු නිර්මාණ ඇතුළු තවත් බොහෝ දේශීය නිෂ්පාදන එකම තැනකින් සාධාරණ මුදලකට මිලදී ගැනීමට ප්‍රදර්ශනය තුළ පහසුකම් සළසා ඇත.එසේම, අලුතින් ව්‍යාපාර ආරම්භ කරන ඔබටත්, පවතින ව්‍යාපාර සංවර්ධනය කර ගැනීමට උනන්දුවක් දක්වන ඔබටත් ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබා ගැනීමේ පහසුකම් ද ප්‍රදර්ශන භූමිය තුළ පවති.

අදින් ආරමිභ වු ප්‍රදර්ශනය අප්‍රේල් මස 03 දින දක්වා පැවැත්වෙන අතර, දිනපතා පෙ.ව. 10.00 සිට ප.ව. 10.00 දක්වා ප්‍රදර්ශනය මහජනතාව සඳහා විවෘතව පවති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements