ඖෂධ ගේන්න ඩොලර් නැතිවුනොත් රෝහල් පද්ධතිය කඩා වැටෙනවා
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ, ශල්‍ය උපකරණ, රසායන ද්‍රව්‍ය ඇති භාණ්ඩ මිලදී ගැනීමට ඩොලර් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන යන මහතුන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ.
මෙම ප්‍රශ්නය පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනාම ඉතාමත් සංවේදීව කරුණු ඉදිරිපත් කර ඇති අතර තත්ත්වය පිළිබඳව රටට කීම හැර වෙනත් විකල්පයක් තමාට නැති බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
මෙම ද්‍රව්‍ය සඳහා වහාම ගෙවීම් නොකළහොත් සහ විදේශයන්ගෙන් ගෙන එන ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය ඩොලර් නිකුත් නොකළහොත් රෝහල් පද්ධතිය කඩා වැටෙන ඇමතිවරුන් දෙදෙනාම ජනාධිපතිවරයාට එහිදී දැඩිව අවධාරණය කර තිබේ.
වසරේ පළමු මාස තුනේ දී රෝහල් පද්ධතිය පවත්වාගෙන ආවේ ඉතා අපහසුවෙන් බවත් අදාළ ආයතනවලින් ඩොලර් ඉල්ලීමෙන් අතිශයින් වෙහෙසට පත්ව සිටින බවත් ඔවුන් දෙදෙනාම පවසා ඇත.

