Featured News

Video Gossip

Advertisement

ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් පාර්ලිමේන්තුවට  එල්ල කළ යුතුයි

පාර්ලිමේන්තුවට ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් එල්ල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.

එමෙන් ම, ‍රටේ සමාජ හා දේශපාලන අර්බුද දෙක විසඳන්න නම් අනිවාර්යයෙන් මැතිවරණයක් පැවැත්විය යුතු බව ද ලාල්කාන්ත මහතා පැවසීය.

ඒ අනුව ව්‍යවස්ථාදායකය හා විධායකය යන බලකණු දෙකට ම එරෙහිව එකවර දේශපාලන ප්‍රහාරය එල්ල කළ යුතු බව ත් එකකට පමණක් පහර එල්ල කිරීමෙන් ප්‍රතිඵලය නොලැබෙන බව ත් ඔහු පැවසුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ජන හමුවකදී ය.

“ආණ්ඩුව දියත් කරන මේ මර්දනය නවත්තන්න නම් අපි යෝජනා කරන්නේ මර්දනයට එරෙහි වැඩපිළිවෙළක් අවශ්‍යයි කියලා. අපි පක්ෂයක් ලෙස ඊට සහය දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගයෙන් මර්දනයට එරෙහි පියවර ගැනීමට සංවිධානය කරනවා. මේ අරගලය විසින් මූලික වශයෙන් ප්‍රහාරයට ලක් වන බල කණු දෙකක් තියෙනවා.

එකක් ව්‍යවස්ථාදායකය. ඒ කියන්නේ පාර්ලිමේන්තුව. අනික විධායකය. ඒ කියන්නේ ජනාධිපති. ඒ බල කණු දෙක. මේ දෙකෙන් එකකට පමණක් දේශපාලන ප්‍රහාරය එල්ල කරලා වැඩක් නැහැ. දෙකට ම එකවර ප්‍රහාර එල්ල කළ යුතුයි. ගෝඨාභය ගියා ගියා කිව්වට ඇත්තට ම පැන්නුවා. ඒ වෙනුවට ආයෙ නරුම ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඒ නරුමයා විසින් පාර්ලිමේන්තුව අත්පත් කරගත්තා. හදිසි නීතිය ගෙනාවා. පාර්ලිමේන්තුව ජනතාවගේ මතය ඉටු නොකරන තැනට පත්කර තිබෙනවා. ඒ හින්ද පාර්ලිමේන්තුවට ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් එල්ල කළ යුතුයි.

අරගලය තුළ ආණ්ඩුව පමණයි මාරු වී තියෙන්නේ. ප්‍රතිගාමී ජනාධිපති කෙනෙක් ගියා. ප්‍රතිගාමී ජනාධිපති කෙනෙක් ආවා. ප්‍රතිගාමී ආණ්ඩුවක් යනවා. ප්‍රතිගාමී ආණ්ඩුවක් එනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි පාර්ලිමේන්තුව අත්පත් කොට ගත යුතු නැහැ එහෙත් එය වැටලිය යුතුයි.

පාර්ලිමේන්තුවට පහර එල්ල කළ යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවපල්ලා කියලා තමයි. අපි පාර්ලිමේන්තුවට දේශපාලන ප්‍රහාරය එල්ල කළ යුත්තේ ඒ ආකාරයට. ඒක නොකර උත්තර නැහැ. ඒ වගේ ම රනිල්ගේ ලයින් එක මොකක්ද? දැන් රනිල්ගේ ලයින් එක රටේ ආර්ථික, සමාජ, දේශපාලන අර්බුද විසඳනවා කියන එක. ආර්ථික අර්බුදය විසඳන්න නම් අනිවාර්යයෙන් සමාජ හා දේශපාලන අර්බුද දෙකම ස්ථාවර කළ යුතුයි. ඒ හින්දා රනිල් අන්තර්වාර සර්වපාක්ෂික වගේ කතන්දර කියන්නේ. ඒක කිව්වට අපි ඒවාට හසු විය යුතු නැහැ. මේ දේශපාලන හා සමාජ ප්‍රශ්න දෙක ම නිවන්න නම් අනිවාර්යයෙන් ම ඡන්දයක් පැවැත්විය යුතුයි.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements