Featured News

Video Gossip

Advertisement

සල්ලිකාරයන් අන්දා මුදල් ගන්න - ප්‍රියමාලිට පිත්තල පොලු හැදූ හැටි

තිළිණි ප්‍රියමාලි විසින් රන් පොලු යැයි කියා ව්‍යාපාරිකයන්ව රැවටීමට යොදා ගත් පිත්තල කුටිට් සැකසූ පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සැබෑ රන් පොලු ලෙස බැලූ බැල්මට පෙනී යන ආකාරයට එම පිත්තල කුටිට සකස් කර තිබී ඇති බැවින් එම පිත්තල පොලු සකස් කළ පුද්ගලයාගෙන් බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.
තිළිණිගේ වංචාවට හසුවූ ව්‍යාපාරිකයන් රැසකට ඇය මේ පිත්තල කුටිටි රන් පොලු යැයි පෙන්වමින් එම රන් විකුණා මුදල් දෙන බව කියමින් රවටා ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

තිළිණි සිය සැමියා බව සමාජය හමුවේ පෙන්වූ ඇගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාරවද රවටමින් රන් යැයි කියා දී තිබුණේ මේ පිත්තල කුටිටි 10කි. එම පිත්තල කුටිටිවලින් 08ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිළිමතලාවේ පිහිටි ඉසුරුගේ නිවෙසේ තිබී සොයා ගත්තේය. තිළිණි විසින් රන් පොලු යැයි කියා මේ පිත්තල කුටිටි ව්‍යාපාරිකයන් රැසකට දී ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. එම ව්‍යාපාරිකයන්ගෙන් මෙතෙක් පැමිණිලි ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements