Featured News

Video Gossip

Advertisement

නුවරඑළිය – නානුඔයේදී සිදුවූ තර්ස්ටන් බස්-වෑන්-ත්‍රිරෝද රථ අනතුරින් 7ක් මරුට

නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී ඊයේ 20 වන දින රාත්‍රියේ 7.30ට පමණ මෙම මාරක රිය අනතුරක් සිදුව තිබේ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස්රථයක් අධ්‍යාපන චාරිකාවක් සඳහා නුවරඑළිය ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.

අනතුරින් 7 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වන අතර 57 දෙනෙකුට අධික පිරිසක් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඊයේ 20 වන දින රාත්‍රියේ 7.30ට පමණ මෙම අනතුර සිදුව තිබිණි. කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් පිරිසක් රැගෙන නුවරඑළියේ විනෝද චාරිකාවක ගොස් ආපසු කොළඹ බලා යමින් තිබූ බස් රථයක් හා එකම පවුලේ පිරිසක් සමඟ දික්ඔය සිට නුවරඑළිය බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී තිබිණී.එම වාහන දෙක සමඟ පිටුපසින් පැමිණි ත්‍රී වීල් රථයක්ද අනතුරට ලක්ව ඇත. අනතුරින් වෑන් රථය මුළුමනින්ම වාගේ කුඩු පට්ටම් වී තිබෙන අතර බස් රථය අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලී ගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 47 දෙනෙකුට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර එයින් සිසුන් විශාල පිරිසක්තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

නුවරඑළිය – නානුඔය මාර්ගයේ රදැල්ල බෑවුම් පෙදෙසින් දික් ඔය දෙසට අදාළ බස් රථය පැමිණීමත් සමග, බෑවුම් ප්‍රදේශයේදී බස් රථයෙහි තිරිංග යෙදීමට රියැදුරු උත්සහ කළ ද එහි තිරිංග අක්‍රීය වී ඇති බව සඳහන් ය.

ඉන් අනතුරුව පහළ බෑවුම දෙසින් ආ වෑන් රියෙහි ගැටී, බස් රිය විසි වී ගොස්, වෑන් රියට පසුපසින් ආ ත්‍රිරෝද රථයක ද ගැටී මාර්ගයේ එක් පසෙකට මීටර් 50ක් පමණ ඇදී ගොස් ඇතැයි සඳහන් වේ.

සිදුවූ අනතුර ඇසින් දුටුවන් පවසන්නේ අනතුරත් සමඟ වෑන් රථය කුඩු පට්ටම් වී මළ සිරුරු 7ක් පාර පුරා විසිරී තිබුණු බවයි. අනතුරින් මේ වන විට පිරිමි 4 දෙනෙකු හා ගැහැණු තිදෙනෙකු මිය ගොස් ඇති අතර කුඩා දරුවන් දෙදෙනෙකුගෙද සිරුරු ඒ අතර තිබෙන බව රෝහල් ප්‍රකාශකයො පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements