Featured News

Video Gossip

Advertisement

ටීනා කුඩුත් ඒක්ක මාට්ටු - අපරාධ කල්ලි නායකයකු වන හරක් කටාගෙ.් සම්බන්දයක්

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නඳුන් චින්තක නොහොත් (හරක් කටාගෙ) හා එම කල්ලියේම සාමාජිකයින් කිහිප දෙනකුගේම අනියම් බිරිඳ ලෙස සිටිමින් මත්ද්‍රව්‍ය විකිණීමේ හා බෙදාහැරීමේ කටයුතුවල නිරතව සිටි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 800ක් සමඟ මහරගම දඹහේන පාර, 04 වැනි පටුමග ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ විශේෂ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකක II හි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.
31 වැනි වියේ පසුවන තිළිණි නිශාදි නොහොත් ‘ටීනා’ නැමති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මෙම කාන්තාව මහරගම ප්‍රදේශයේ නි‍ෙවසක නවාතැන්ගෙන සිටින බවට ලද රහසිගත තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පැමිණ සිදු කළ වැටලීමේදී කාන්තාව අත්අඩංගුවට ගත් බවත් සැකකාරියගේ නීත්‍යනුකූල සැමියා වන මිදිගම දිනේෂ් මධුෂංක නොහොත් (බුලා) නමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින, අපරාධයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බවත්, සැමියා බන්ධනාගාරගතවූ කාලයේ සිටම නඳුන් චින්තක නොහොත්
‘හරක් කටා’ සමඟ සහ ඝාතනයට ලක් වූ එම්. ඩබ්ලිව්. මදුර ලක්ෂිත නොහොත් ‘වැලිගම හිච්චි මල්ලි’ නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ අනියම් බිරිඳ ලෙස සිටි බවට අනාවරණය කරගත් බවත් විශේෂ කාර්ය බළකාය පැවසීය.

හරක් කටා නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් විදෙස් රටක සිට ශ්‍රී ලංකාව තුළ මෙහෙයවනු ලබන අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ජාලයේ මෙහෙයුම් කටයුතු මැය විසින් සිදු කර ඇති බවත් හරක් කටාගෙ උපදෙස් මත කලකට පෙර මෙම කාන්තාවගේ අනියම් සැමියා ලෙස සිටි ‘මිදිගම හිච්චි මල්ලි’ නමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය හා විශේෂ අපරාධ කල්ලි සාමාජිකයා ඝාතනය කිරීමේ සැලසුම ද සකස් කර ඇති බවද අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු හා පරීක්ෂණ සිදු කිරීම සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත බාරදී ඇති බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් පොලිසිය පැවසීය.

නුගේගොඩ සමූහ - සමීර අබේසිංහ

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

දකුණු පළාත් සංචාරක - එස්. දියගහගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements