Featured News

Video Gossip

Advertisement

මට හිතෙන විදිහට පිරිමි කියන්නෙ සත්තු.. 
එයාලව civilize කරන්නෙ ගෑනූ
මලිත් පෙරේරා පෙම්වතිය ගැන පළමු වරට හෙළි කරමින් කියපු දේ මෙන්න

ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන මලිත් පෙරේරා එදා ප්‍රසංග වේදිකාව තුළත් අතිශය ජනප්‍රිය කෙනෙක්.

නමුත් හිටි හැටියේ ඔහු ප්‍රසංග වේදිකාවෙන් අස්ථානගත වෙනවා. ඒ හදිසියේ ම ඔහු විදෙස්ගත වෙන්න තීරණයක් ගන්න නිසා. 

“මතක මන්දිර තනා” කියන ගීතයෙන් සියල්ලන් වසඟයට ගත්ත ගායක මලිත් සමාජ මාධ්‍ය තුළත් බොහෝම ක්‍රියාකාරි චරිතයක්.
විශේෂයෙන්ම ඔහු පළ කරන ඡායාරූප වලට කාන්තා පාර්ශවයෙන් ලාබෙන ප්‍රතිචාර නම් අතිශය ඉහළයි.

විදෙස්ගත වෙලා හිටපු මලිත් ආයේ ලංකාවට එන්නේ ගොඩක් තරුණියන්ට තවත් බලාපොරොත්තු රැසක් ලබා දෙමින්.

පසුගිය දවසක ලංකාවට ඇවිත් මලිත් පෙරේරා යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එකතු වෙලා හිටියා.

එහිදී ඔහු මෙසේ අදහස් දක්වා සිටියා,

“වීඅයිපී සැලකිලි ඒ කාලේ ලංකාවේ ඉද්දි. කොහෙට ගියත් ටග් ගාලා කරලා දෙනවා. වැරදි පැත්තකුත් තියනවා හැබැයි ඒකේ. එකපාර ඔස්ට්‍රේලියාවේ බෝඩරෙන් එළියට ගියාම එයාලට අදාළ නෑ මම කවුද කියලා, දන්නෙත් නෑ අදාළත් නෑ. ඇත්තටම මානසිකව වැටුණා මම. බොහෝම අමාරු වුණා දරාගන්න. එන්න හිතුණා. නමුත් කාගෙන හිටියා. මම ස්ටාර් කෙනෙක් කියන එක ඔලුවෙන් අත ඇරගෙන වැඩ කළා…”

විවාහය සහ ආදරය ගැන මලිත් කිව්වේ මේ වගේ දෙයක්,

“ඇත්තටම මගේ ජීවිතේ හොඳින්ම තේරුම් ගත්ත කෙනා හම්බුණා. හොඳ රිලේශන් ශිප් එකක් පවත්වාගෙන යනවා. මෙහෙමයි මට හිතෙන විදිහට පිරිමි කියන්නෙ සත්තු.. එයාලව civilize කරන්නෙ ගෑනූ. ඒක ඩියුටිය නෙවේ.. ඒක බයලොජි. එයාලා තමා විවාහය කියන කාඩ් එක ගේන්නෙ. මගේ විවාහය ඉතින් ළඟදි වෙයිද කියන්න බෑ. ඒක අනිවාර්යයෙන් වේවී. එයාගේ ජීවිතේ අපි වෙනුවෙන් දෙනවා නම් ඒ වෙනුවෙන් කළ හැකි දේ තමයි විවාහය කියන්නෙ..”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements