Advertisement

දිනේෂ් රවිචන්ද්‍රරාජාගේ ෆේස්බුක් සටහන් එකතුවක් 04 දා අවිවාදිත සිතුවිලි නමින් එළිදකී

දිනේෂ් රවිචන්ද්‍රරාජා විසින් විවිධ අවස්ථාවල මුහුණු පොතට එක් කරන ලද ලිපි වලින් තෝරාගත් ලිපි එකතුවක් ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමට කටයුතු

යොදා ඇත.

දමිල ජාතික තරුණයෙකු වන දිනේෂ් රවිචන්ද්‍රරාජා දමිල මාධ්‍යයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති නමුත් මෙම ග්‍රන්ථය සිංහල භාශාවෙන් රචනා වීම විශේෂත්වයකි.

අවිවාදිත සිතුවිලි හෙවත් UNDISPUTED THOUGHT නමින් පාඨකයින් වෙත එන මෙම ග්‍රන්ථය දොරට වැඩීම 2024 ක් වූ මාර්තු මස 4 වන සඳුදා දින පස්වරු 4 ට ලක්ෂ්මන් කදිරගාමර් අධ්‍යාපන ආයතනයේ පිහිටි ලයිට් හවුස් ඔඩිටෝරියම් ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

යම් යම් අවස්ථාවන් වල සමාජයේ කතා බහට ලක්වූ කරුණු අවදානයට ලක් කරමින් බහුතර මතය හා සමපාත නොවූවත් එම සිදුවීම් වල සත්‍ය තත්වය දිනේෂ්ගේ ඇසින් සරල සිංහලෙන් මෙම ග්‍රන්ථය තුල සටහන්ව ඇත.

අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, ශෙහාන් සේමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, තිස්ස අත්තනායක, කාවින්ද ජයවර්ධන, හේශා විතාන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන විජිත් විජයමුණි සොයිසා, ආශු මාරසිංහ, එජාප මහලේකම් පාලිත රංගේබණ්ඩාර ඇතුලු සම්භාවනීය අමුත්තන් ගේ ප්‍රධානත්වයෙන් දිනේෂ් රවිචන්ද්‍රරාජාගේ පවුලේ සාමාජිකයින් හිතමිතුරන් සහ දේශපාලන ක්‍රියාකාරීන් සමාජ ක්‍රියාකාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මහාචාර්‍ය සුනන්ද මද්දුම බණ්ඩාර, ප්‍රවීන මාධ්‍යවේදී සුජිත් අක්කරවත්ත ප්‍රධාන ආරාධිත දේශනයන් සිදුකිරීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements