Featured News

Video Gossip

Advertisement

සියඹලාණ්ඩුව සූර්යබල ව්‍යාපෘතියයෙන් කෝටි 8700ක පාඩුවක්
විදුලිබල මණ්ඩලයට විරුද්ධව CIDයට පැමිණිල්ලක්!
[VIDEO]

විදුලිය පාවිචිකරන්න්නගේ සංගමය ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරතවීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් භාරදෙන ලදී.ඒ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්යබල විදුලි උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ ටෙන්ඩරයට අදාළව විදුලි බලමණ්ඩලය විසින් සිදුකරන ලදැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධවයි. විදුලිය පාවිචිකරන්න්නගේ සංගමය නියෝජනය කරමින් එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා විසින් එම පැමිණිල්ල භාරදෙන ලදී.

පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විදුලිය පාවිචිකරන්න්නගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික;

"සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්‍ය බල ව්‍යාපෘතියකට අදාළව ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී අධික මිලකට මිළගණන් සැපයූ සමාගමකට අනීතිකව මේ ටෙන්ඩර් ප්‍රදානය කර තිබෙනවා. මේ මහා වංචාව; රුපියල් කෝටි 8700ක්.මේකේ පාඩුව සිද්ධවෙන්නෙ විදුලි පාරිභෝගිකයින්ට සහ භාණ්ඩාගාරයට.ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි ලිඛිත පැමිණිල්ලක කර ඉල්ලා සිටියා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කර මෙහි වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසට.”

එහිදි වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මේ මහා වංචාව සඳහා සමාගම් කිහිපයක් සම්බන්ධ වී ඇති බවත් එම සමාගම් හි නම් නීතිමය කටයුතු හේතුවෙන් මේ අවස්ථාවේදී හෙළි කළ නොහැකි බවත් නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොවුණහොත් ඉදිරියේදී එම නම් මහජනතාව වෙත හෙළි කරන බවත්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements