Featured News

Video Gossip

Advertisement

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍යයි

ආදායම් උත්පාදන උපාය මාර්ග ඇතුළත් වූ ප්‍රතිපත්තිමය රාමුවක් මෙම අතුරු වාර්තාව මඟින් නිර්දේශ කර ඇත.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 24/1609/601/097 වූ, ‘‘රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත් කරන ලද විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාව” යන මැයෙන් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2024 – 08 – 12 වන දින අමාත්‍ය මණ්ඩල සංදේශය යොමු  කර ඇත.

මෙම අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අතුරු වාර්තාවේ 03 ඡේදයේ සඳහන් (3.1) සිට (3.18) දක්වා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීම සහ එකී අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ 2025 වර්ෂය සඳහා වන අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය ලබාදීම සිදුකර ඇත.

2025 පාදක වසර ලෙස සලකා සියළුම රජයේ සේවකයින් සඳහා (සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දිමනාව මාසිකව රුපියල 25,000ක් ගෙවීම, රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24% සිට 50%-60% දක්වා වු පරාසයකින් වැඩි වන අතර ජීවන වියදම් දිමනාව සමඟ දළ වැටුප රු. 55,000ක් ලෙස ගෙන අනෙකුත් සියළුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැලපිම,

ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සිලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දිමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම,

2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය නිලධාරින් හට හිමිකම් ලැබු වැටුප් වර්ධක ලබාදී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විෂමතා නිරවුල් කිරීම,

විශ්‍රාමිකයන් සඳහා ජිවන වියදම් දීමනාව, සක්‍රී සේවයේ නියුතු රාජ්‍ය නිලධාරින් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාවෙන් 50%කට සමාන වන පරිදි 2025 ජනවාරි සිට ලබා දීම,

දැනට පවතින බදු ප්‍රතිපත්ති තුළම මෙම වියදම් කළමනාකරණය කිරීමට යටත්ව, මෙම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ යෝජිත වැටුප් ක්‍රමය 2025 ජනවාරි මස 01 වන දින සිට රාජ්‍ය මූල්‍ය අවකාශය ද සැලකිල්ලට ගෙන අදියරගතව ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ වේ.

ඒ අනුව උක්ත විශේෂඥ කමිටුව විසින් ඔවුන්ගේ අවසන් වාර්තාව 2024.09.03 වන දින ජනාධිපතිවරයා වෙත භාරදී ඇති අතර එම වාර්තාවේ අංක 01 සිට 08 දක්වා වන නිර්දේශ මඟින් ඉදිරිපත් කර ඇති රාජ්‍ය සේවා වර්ගීකරණය, රාජ්‍ය සේවකයින්ගේ දීමනා, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම, වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු සහ අග්‍රහාර අයකිරීම් සම්බන්ධ නිර්දේශ සහ සංශෝධන 2025.01.01 දින සිට ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීමත්, එම නිර්දේශ 2025 අයවැය යෝජනා සඳහා අන්තර්ගත කිරීමත් සිදුකොට ඇත.


ඒ අනුව මෙවන් සංවේදී කරුණු ජනගත කිරීමේදී ජනතාව නොමඟ යවන ආකාරයේ සාවද්‍ය පුවත් පළ නොකොට කරුණු සොයා බලා නිවැරදි තොරතුරු ජනගත කිරීමට කටයුතු කරන මෙන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමු.


#Theleader

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements