Advertisement

අනුර ජනපති කරන්නට මහ ගල්කොරියන්ට භෝජන සංග‍්‍රහයක්
 මැ.කො. පැන තහනම් කරයි..

මෙරට විවිධ ප්‍රදේශවල සිටින මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් පිරිසක් එකතු වී මහනුවර තරු හෝටලයක ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු නායකයන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡාවක් පවත්වන අතරතුර ඔවුන්ට දිවා ආහාරය ලබාදීමට සැලසුම් කොට තිබියදී එය වැළැක්වීමට මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් පිරිසක් කටයුතු කොට තිබේ.

මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයට කඩා පනින අවස්ථා වේදී මෙරට මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් 25 දෙනෙකු පමණ වීම ස්ථානයේ සිට ඇති අතර, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ පැවැත්වීම වරදක් බව ජාතික ජාතික ජන බලවේගයේ නියෝජිතයන්ට සහ හෝටල් කළමනාකාර්ශ්වයට දැනුම් දීමට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් පියවර ගෙන තිබේ.

පැමිණි පිරිසට දිවා ආහාරය බුෆේ ක්‍රමයට සූදානම් කොට තිබී ඇති අතර, හෝටලයේ නවාතැන් ගෙන සිටි පිරිස් සහ විදේශිකයන්ද විශාල ප්‍රමාණයක් ආහාර ලබා ගැනීමට සිටි බැවින් ආහාර වලට සිල් තැබීමට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් පියවර ගෙන නොතිබුණි.

– ෂේන් සෙනෙවිරත්න

.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements