නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක් | Norochcholai
නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්
නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක අතර දුරකතන සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වේ. ගල් අඟුරු සැපයීමේ දී මතුව ඇති තත්වය පිළිබඳ දෙපාර්ශවය අතර අදහස් හුවමාරුවී ඇති අතර, මෙහි දී සැපයුම්කරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ සියළු සැපයුම් සාම්පල ‘තුන්වන පාර්ශවයක් හරහා නැවත පරීක්ෂාවකට’ අවසර ලබා දෙන ලෙසය.
පළමු ගල් අඟුරු නැවේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් සැපයුම් සමාගමට ලංකා රජය විසින් දඩයක් නියම කර ඇත. ඒ පිළිබඳව සමාගම විසින් රජයට ඉල්ලීමක් සිදු කර ඇත. දෙවන ගල් අඟුරු නැවේ ප්‍රමිතිය නියමිත මට්ටමින් පැවතී ඇති අතර මේ වන විට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පවසන්නේ තුන්වන ගල් අඟුරු නැවේ ප්‍රමිතිය දුර්වල බවයි.
සෑම නැවකම ප්‍රමිතිය පැටවීමේ හා නොරොච්චෝලේ දී දෙවරක් පරීක්ෂා කෙරේ. ලෝකයේ පිළිගත් රසායනාගාරයක් වෙත පළමු නැවේ සාම්පල යැවීමට බලශක්ති අමාත්‍යාංශය අවසර දී තිබු නමුත් දෙවන හා තුන්වල නැව්වල ප්‍රමිතිය තුන්වන පාර්ශවයක් හරහා පරීක්ෂා කිරිමට නොරෙච්චෝල බලධාරීන් අවසර දී නැත. තමන්ට ගිවිසුම් අනුව ‘අම්පයර් සාම්පල්” පරීක්ෂණයට අවස්ථාව ලබා දෙන ලෙස සැපයුම්කරුවන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇත.
ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගිවිසුම් අනුව කටයුතු කළ හැකි බවත්, නැවත පරීක්ෂණ වාර්තා අනුව කටයුතු සිදු කිරීමට තමන් සුදානම් බව ප්‍රධාන සැපයුම්කරු ජනාධිපතිවරයාට සහතික වී ඇත. ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ ගිවිසුම් ප්‍රකාරව ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කරන ලෙස ය. සැපයුම්කරුවන් එයට එකඟත්වය ලබා දී ඇත.
විදුලිබල මණ්ඩලය විසින් නිසි පහසුකම් නොමැතිව ලංකාව තුළ ගල් ඇඟුරු පරීක්ෂා කර ඉදිරිපත් කරන වාර්තා පිළිගැනීමට තමන්ට නොහැකි බවත්, ඒ සඳහා ගිවිසුමට අනුව කටයුතු කරීම අවහිර කර ඇති බව ද ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇත. විදුලිබල මණ්ඩලය විසින් කිසිදු විධිමත් අවසරයක් නොමැතිව සිදු කරන නිල නොවන වර්තා මාධ්‍ය මගින් එළිදැක්වීම හේතුවෙන් මේ වන විට අන්තර් ජාතික මට්ටමේ අර්බුදයක් ගොඩ නැගෙමින් ඇති බව ද ජනාධිපතිවරයා වෙත සැපයුම්කාර සමාගම විසින් දැනුම් දී ඇත.
මේ වන විට ගල් අඟුරු නැව් 3 ක් ලංකාවට පැමිණ ඇත. තවත් නැව් තුනක් ලංකාව බලා එමින් ඇත.

