Featured News

Video Gossip

Advertisement

අනුර ජනාධිපති වෙලා මාස දෙකෙන් රට බංකොලොත්භාවයෙන් මුදාගත්තා

2022 සිට 2024 දෙසැම්බර් දක්වා බංකොලොත්ව පැවති රටක් තම ආණ්ඩුව ස්ථාවර කරමින් ගමනක් යන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“මීට අවුරුදු එකහමාරකට කලින් බංකොලොත් වෙල තිබ්බ රටක් මේක. ඒ රට අපි මේ ස්ථාවර කරමින් යන්නේ. 2022 ඉඳන් 2024 දෙසැම්බර් වෙනකල් බංකොලොත් රටක් විදිහට නම් කරලා තිබ්බේ.අපි ගන්න කොට බංකොලොත් රටක් මේක. 2024 දෙසැම්බර් බංකොලොත්භාවයෙන් නිදහස් වුණේ.”

මාධ්‍ය: ඒ කියන්නේ අනුර දිසානායක ජනාධිපතිතුමා රට භාර අරන් මාස දෙකෙන් බංකොලොත්භාවයෙන් මිදුණා. මේක ප්‍රාතිහාර්යයක් නෙ ඇමතිතුමා!

“ඔව්, ඒක ප්‍රාතිහාර්යක් නෙමෙයි. බංකොලොත්භාවය කියන්නේ අපි ඒ වෙද්දි ණය ගෙවීම නතර කරලා තිබුණා. ණය ගෙවීම ආරම්භ කරලා, බැංකුවල රේටින්ස් පටන් අරන් එල්සී ඕපන් කරන්න බැරිව හිටි බැංකුවලට එල්සී ඕපන් කරන්න අවස්ථාව හදලා දීලා ලෝකේ රටවල් අපේ ප්‍රධාන බැංකු ටික පිළිගන්න පටන් අරන් රටේ ස්ථාවරත්වයක් ගෙනාවා.”

සියත රූපවාහිනී නාලිකාවේ දේශපාලන සාකච්ඡාවකට එකතු වෙමින් ඇමති වසන්ත සමරසිංහ මේ බව කීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements