අචින්ති
තම්පි භවති - නොසිතු ව්‍යවස්ථාවක් එති
ලීක් වුන නව ව්‍යයවස්ථාව
සිතු
දෙය නොම වෙයි - නොසිතු දෙයම වෙයි - ලෝ දම කැරකෙනවා යන පැරණි සිංහල ගීය සිහිපත් කරන
ඇබැද්දියක් මේ ඊයේ පෙරේදා වාර්තා වේ.
එනම් නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ‘ලීක්’ වීමයි. සාමාන්‍යයෙන්
‘ලීක්’ වන්නේ නිරුවත් ඡායාරූප ආදියය. මේ ‘ලීක්’ වීමද වැඩි වෙනසක් නැත.
ඒ හරහා නිරුවත්
වී ඇත්තේ එය හැදීමට දායක වූ අයගේ අරමුණුය. එම කෙටුම්පත https://citizensconstitution.lk හරහා දැන් කාටත් බලාගත හැකිය.
ව්‍යවස්ථා
කෙටුම්පතක් යනු රහසිගත ලියවිල්ලක් නොවේ. එය මුළු රටටම බලපාන, රටේ පුරවැසියන්ගේ මූලික
නීතියයි. එවැනි බරපතල ලියවිල්ලකට අත ගැසීමට නම් ඒ සඳහා නිසි දැනුමක් සහිත පිරිසක් එකතු
විය යුතුය. මේ අලුත් කෙටුම්පත සැකසීමට සම්බන්ධ වූවන් කවුරුන්ද යන්න කවුරුත් දන්නේ නැත.
එය දැනගැනීමට ජනතාවට අයිතියක් ඇත.
මක්නිසාද යත් ව්‍යවස්ථාව හැදුවේ කවුරුන් වුවත් අවසානයට
එයින් පාලනය වන්නේ ලක්ෂ 224ක රටේ ජනතාව බැවිනි.
ඊළඟ
වැදගත් කාරණය වන්නේ මේ ව්‍යවස්ථාවේ තිබෙන්නේ මොනවාද යන්නයි. බලු බැල්මටම එහි බුද්ධාගමට
මුල්තැන දෙන වගන්තියක් නැත. එපමණක් නොව විධායක ජනාධිපති ධුරයක්ද නැත. ඒ වෙනුවට පාර්ලිමේන්තුවට
බලතල සියල්ල පවරා තිබේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යනු චන්ද්‍රිකාගේ පටන් සිරිසේන
දක්වා මේ රටේ ජනතාව ඇන්දවීමට සහ අන්දවා ඡන්දය ගැනීමට ගොතන ලද ඡන්ද කෙබරයකි.
එහෙත් එය
ප්‍රශ්නයක් නොවූයේ රටේ විධායක ජනාධිපති කෙනෙකු සිටිය යුතු බව අපට වරින් වර සිහි කැඳවන
සිද්ධි සිදු වී ඇති බැවිනි. උදාහරණයක් ලෙස ලංකාවට කොවිඩ්-19 වසංගතය ආ වෙලාවේ රටේ විධායක
බලය පාර්ලිමේන්තුවට තිබුනා නම් වෙන දේ කල්පනාවට ගත යුතුය.
එබැවින් විධායක ජනාධිපති
ක්‍රමය යන්න එක පෑන් පහරින් අහෝසි කළ හැක්කක් නොව, දීර්ඝව සිතා බලා තීරණයක් ගත යුතු
කරුණකි.
පසුගිය
දෙසැම්බර් 19දා හරිනි අමරසූරිය අගමැතිනිය මාධ්‍යයට ප්‍රකාශ කළ නව ව්‍යවස්ථාව සහ මේ
‘ලීක්’ වී තිබෙන ව්‍යවස්ථාව එකක්ද, දෙකක්ද යන්න අපි නොදනිමු. අප දන්නා එකම කාරණය වන්නේ
හැංගි හැංගි ව්‍යවස්ථා ලිව්වාට, සම්මත කරගන්න වෙන්නේ එළිපිට බවයි. එබැවින් මේ ව්‍යවස්ථාව
හැදුවන්ට රටට ලෝකෙට මුහුණ දෙන්නට එන මෙන් අපි අවධාරණයෙන් ඉල්ලා සිටිමු.

