Advertisement

අද අධි වෙසක් පසළොස්වක පොහොය දිනය අදයි..
ඔබ සැමට පිංබර පොහෝ දිනක් වේවා!..

මෙරට වසර 125 කට පෙර පළමු වරට බෞද්ධ කොඩිය එසවීම - අධි වෙසක් පොහෝ දිනයක දී ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමන් අතින්  සිදු විය.

පසළොස්වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ ජීවිතය හා බැඳී පවතී. එහි ආගමික හා සංස්කෘතික වටිනාකමක් ගැබ්ව ඇත. සිංහල ලිත් මාස ක්‍රමය අනුව, දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප් වශයෙන් මාස 12 නම් කෙරේ. මෙය ඉංග්‍රීසි ලිතට අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් ලෙස හැඳින්වේ.

මෙවර සිංහල ලිතට අනුව 2026 වසරට අධි මාසයක් ඇතුළත්වේ. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ සෑම වසර තුනකට වරක්ය. ඒ අනුව, මේ වසරේ (2026) පසළොස්වක පොහෝ දින 13 ක් ලෙස ගණනය කෙරේ. චන්ද්‍ර මාස ක්‍රමය හා සූර්ය මාස ක්‍රමය අතර වෙනස නිසා අධි මාසයක් එක්වීම සිදුවේ. එබැවින් අද (2026 මැයි 1) උදාවී ඇත්තේ අධි වෙසක් පසළොස්වක පොහෝ දිනයයි.

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදීම සිදුහත් කුමරුගේ උත්පත්තිය, බුද්ධත්වය ලැබීම හා ගෞතම බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම යන තෙමඟුල සිදුවිය. එම මහා තෙමඟුල උදාවන්නේ මැයි මාසයේදීය. අද අප විඳින අධි වෙසක් පොහොය, එළැඹෙන වෙසක් මහා උත්සවයට පෙරහුරුවක් වැන්න.

මෙයට වසර 141 කට පෙර – 1885 අප්‍රේල් 28 වැනි අධි වෙසක් පොහෝ දිනක – ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමන් අතින්, කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානයේදී ප්‍රථම වරට නිල වශයෙන් බෞද්ධ කොඩිය එසවිණි. නීල, පීත, ලෝහිත, ඕදාත, මාජේෂ්ට, ප්‍රභාෂ්වර යන වර්ණ සයින් යුතු ඒ ධජය අද ලොව පුරා බෞද්ධ ධජය ලෙස පිළිගැනේ. එසවීමේ පුරෝගාමීන් ලෙස මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි සහ හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා දැක්විය හැකිය.

අද අධි වෙසක් දිනයේදී අප සිත් පහන් කරන ධම්මපද ගාථාවක් මෙසේය:

සුඛො බුද්ධානං උප්පාදෝ,

සුඛා සද්ධම්මා දෙසනා,

සුඛා සංඝස්ස සාමග්ගී,

සමග්ගානං තපෝ සුඛො. (ධම්මපදය – 194)

(සත්වයන්ට ලොවුතුරු සැප ගෙන දෙන බැවින් බුදුවරුන්ගේ ඉපදීම සැපතකි. සදහම් දෙසීම සැපතකි. සංඝයාගේ සමගිය සැපතකි. සමගියෙන් කල් යවන්නන්ට තපස සැපතකි.)

අද දිනයේ බෞද්ධ විහාරස්ථාන ශ්‍රද්ධාවන්ත ජනයාගෙන් පිරී ඉතිරී යනු ඇත. උපාසක උපාසිකාවෝ අෂ්ටාංගික ශීලය සමාදන් වෙමින්, ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවල නිරත වෙති.

සියලු පව් නොකිරීම, කුසල් රැස්කිරීම හා සිත පිරිසිදු කර ගැනීම යන මූලික අනුශාසනාව බුදුවරුන්ගේ දෙසුමයි:


සබ්බ පාපස්ස අකරණං,

කුසලස්ස උපසම්පදා,

සචිත්ත පරියොදපනං,

එතං බුද්ධාන සාසනං. (ධම්මපදය – 183)

මේ අනුව, අද අධි වෙසක් පොහෝ දිනය බෞද්ධයින්ට අතිශයින් වැදගත් ආගමික හා ඓතිහාසික දිනයකි. තෙරුවන් සරණයි!

ඔබ සැමට අධි වෙසක් පොහෝ දිනට මෙන්ම එළැඹෙන වෙසක් මහා උත්සවයටද සුබ පැතුම්!

ධර්ම දානය වෙනුවෙනි.

ගොසිප්99

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements