ශ්‍රී ලාංකීය සම්බවයක් සහිත මොහොමඩ් සිරාජ් සිරාජුදීන් නැමැත්තෙක්
වරද පිලිගෙන ඇති බව විදෙස් මාධ්‍ය කියයි.
ඔහු O'Hare Clinical Lab Services සහ එහි කළමනාකරණ සමාගම වන Chicago Polyclinic හි හිමිකරු ලෙස කටයුතු කර ඇති බව සඳහන් කර තිබේ. 2021 අප්‍රේල් සිට 2022 ජූනි දක්වා කාලයේදී රක්ෂණ ආවරණයක් නොමැති පුද්ගලයන්ට පරීක්ෂණ සිදුකළ බව පෙන්වමින් හිමිකම් මිලියන 1.3කට වඩා ෆෙඩරල් HRSA ආයතනයට ඉදිරිපත් කර ඇති බව අමෙරිකානු නඩු පවරන්නන් පවසා ඇත.
එම ව්‍යාජ හිමිකම් හරහා ඩොලර් මිලියන 894.5ක් ඉල්ලා ඇති අතර ඉන් ඩොලර් මිලියන 293.2ක් ගෙවා ඇති බව අධිකරණ ලේඛනවල දැක්වේ. O'Hare ආයතනය පමණක් ඩොලර් මිලියන 642.1ක හිමිකම් ඉදිරිපත් කර ඩොලර් මිලියන 201.7ක් ලබාගෙන ඇති බව Chicago Sun-Times වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් වාර්තා වන තවත් තොරතුරු අනුව 2026 අගෝස්තු 05 වැනිදා පැවති අධිකරණ ක්‍රියාවලියේදී ඔහු money laundering චෝදනාවකට වරද පිළිගෙන ඇති බවත්, Loretto Hospital හි හිටපු CFO Anosh Ahmed ට අයත් සමාගම් වෙත ඩොලර් මිලියන 147කට අධික මුදලක් සාම්පල ලබාගැනීම වෙනුවෙන් ගෙවා ඇති බව plea agreement එකේ පිළිගෙන ඇති බවත්, ඔහු නඩු පවරන්නන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බැවින් දඬුවම් නියම කිරීම කල් දමා ඇති බවත්, මෙවැනි පසුබිමක් සැලකිල්ලට ගනිමින් ඔහු සමඟ ව්‍යාපාරික ගනුදෙනුවකට පෙර ස්වාධීන due diligence පරීක්ෂාවක් සිදුකිරීම සුදුසු බවත් සඳහන් වේ.
මේ අතර සමාජ මාධ්‍යයේ ශ්‍රී ලංකාවේ හෙළ ක්ලෝතිං, එමරල්ඩ් වැනි ව්‍යාපාර ඔහු මිලදී ගත් බවට වාර්තා සංසරණය වන බවත්, එම වාර්තා සම්බන්ධයෙන් ස්වාධීනව තහවුරු කළ නිල තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවත්, ඕනෑම ව්‍යාපාරික ගනුදෙනුවකට පෙර නිසි පරීක්ෂාවක් සිදුකිරීම සුදුසු බවත් සඳහන් වේ.

