Advertisement

ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් එළියට බැහැපු රවීන් ලොකු කාලයක් නිහඬව හිටියෙ නැහැ නේද?
ඔව්. තරගය ඉවර වෙච්ච ගමන් අලුත් ගීතයක් නිර්මාණය කළා. මොකද නැත්නම් කාලයක් යද්දී මිනිසුන්ට මාව අමතක වෙන්න පුළුවන්. මම කරපු පළමුවැනි නිර්මාණය "හයිය මගේ හිත" මම හිතනවා මගේ පළමු වැනි ගීතයම සාර්ථකයි කියලා.
"හයිය මගේ හිත" කියන වචන ඇතුළේ වෙන අදහසකුත් හැංගිලා තියෙනවද?
එහෙම හිතන්නත් පුළුවන්. මොකද පසුගිය කාලෙ වෙච්ච සිද්ධි හින්දා. හැබැයි මම ඒ ගීතය ගායනා කළේ ඕනම කෙනෙක්ට ඕනම කාලයකට ගැළපෙන නිසා සහ ආදේශ කරගන්න පුළුවන් නිසා.
රවීන් වැඩිපුරම මිනිස්සු  අතරට ගියේ "සුදු මහත්තයා" නිසා නේද?
ඔව්. මම හිතනවා ඒ ප්‍රශ්නෙ නිසා ගොඩක් මිනිස්සු අතරට මාව ගියා. ඒ වගේම මාව ගොඩක් අය දැනගත්තා.
"සුදු මහත්තයා" විධියට එළියට ආවේ නැත්නම් තාමත් ප්‍රේක්ෂකයෝ මේ තරම් රවීන්ව හඳුනන එකක් නැහැ නේද?
ඇත්තටම නැහැ. මොකද ලංකාව ඇතුළේ හොඳ දේට වඩා නරක දේ ගොඩක් ප්‍රසිද්ධ වෙනවා කියන එක ඒ සිද්ධිය ඇතුළේ මම තේරුම් ගත්තා. ඒ ප්‍රශ්නෙත් එක්ක මාව ගොඩක් මිනිස්සු අතරට ගියා. පස්සේ මිනිස්සු මේකෙ ඇත්ත නැත්ත මොකක්ද  කියලා තේරුම් ගත්තා. ඒ නිසා මට මිනිසුන්ගේ ආදරය ලැබුණා. නැත්නම් මම හිතන්නේ නැහැ මගේ ගීතය  මෙච්චර ජනප්‍රිය වෙයි කියලා.
රවීන්ව සුදු මහත්තයා විධියට ඔච්චර ජනප්‍රිය කරපු කෙනා කෝ?
මම නම් ඒ ගැන දන්නෙ නැහැ. මට එයාට කතා කරන්න තිබ්බ නම් මම එයාට ස්තුති කරනවා කරපු උදව්වට.
ඇත්තටම ඒ කවුද?
මම ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ තරග කරන කොට එක්තරා ආකාරයක යම් මානසික ප්‍රශ්නයක් එක්ක ආපු ගැහැනු ළමයෙක් කියලා තමයි  කියන්න තියෙන්නෙ. වෙන දෙයක් මම එයා ගැන දන්නේ නැහැ.
රවීන්ගේ ඉගෙනීමේ කටයුතු එහෙම කොහොමද සිද්ධ වෙන්නේ?
මේ අවුරුද්දේ උසස්  පෙළ විභාගයට පෙනී සිටින්න ඉන්නේ.
ඩ්‍රීම් ස්ටාර් තරගය නිසා අධ්‍යාපන කටයුතු ගොඩක් අතපසු වුණා. ඒවා  ආපහු කොහොම හරි කරගන්නවා.
දැන් මුල් තැන දෙන්නෙ අධ්‍යාපන කටයුතු වලටද? සංගීතයටද? 
සංගීතය කොහොමත් මගේ ජීවිතේ වගේ තමයි. ඉගෙනීමත් ඒ එක්කම කරගෙන යනවා.
ඉදිරියට කරන්න බලාපොරොත්තු වන නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?
ඉදිරියේදී මම තව ගීතයක් නිර්මාණය කරනවා. දෙරණ එක්කත් තව ගීතයක් තියෙනවා නිර්මාණය කරන්න.
මේ ගීත දෙකත්් පළමුවැනි ගීතය වගේම ජනප්‍රිය වෙයි කියලා මම හිතනවා.
කොයි කාලෙ වගේද මේ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට ගේන්නේ?
ඒකනම් හරියට කියන්න බැහැ. රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ගීතයක් නිර්මාණය කරන්න තරම් මානසික තත්ත්වයක් නැහැ තවම.
රවීන්ගේ ජනප්‍රියත්වය ඉදිරියටත් රඳවා ගන්න මොකද කරන්නේ?
මිනිස්සු භාරගන්න විධියේ, මිනිස්සු පිළිගන්න මිනිස්සු අතරට යන්න පුළුවන් නිර්මාණ ඉදිරියට කරනවා. එතකොට ජනප්‍රියත්වය අඩුවෙන එකක් නැහැ. වැඩිවෙයි.
ස්තුති කරන්නත් පිරිසක් ඇති?
මගේ ගීතයේ විෂුවල් එක කළේ සන්දේශ් බණ්ඩාර අයියා ඇතුළු කණ්ඩායම. ගීතය නිර්මාණය කළේ නිමේෂ් කුලතුංග අයියා. ගීතය රචනා කළේ නවීන් අයියා. මගේ පළමුවැනි ගීතය සාර්ථක කරගන්න ගොඩක් උදවු කළේ ඒ තුන්දෙනා. එයාලට ගොඩක් ස්තුතියි.
ඉරේෂා කල්හාරි සේනාධීර
Derana Dream Star
tï' Ô 'OkqIal ßh wk;=
rlska frdayf,a


forK v%Sïia iagd¾ ;=<ska ìysjQ kj mrmqf¾ .dhk Ys,amsfhl= jk tï'Ô OkqIal yÈis wk;=rlska ;=jd, ,nd frday,a .; lr ;sfí'

Bfha rd;%Sfha wdkuvqj-kj.;af;a.u ud¾.fha Wiajej m%foaYfha§ fudyq .uka.;a fudag¾ r:h mdfrka bj;g mek fndalal=jl .eàfuka fuu wk;=r isÿj we;ehs i|ykah'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements