පින්බර නවම් පුර පසලොස්වක පොහෝ දිනයේ වැදගත් කම
ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසලොස්වක පොහොය මෙරට බෞද්ධයින් සැදැහැ සිතින් සමරති. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය.

