මේ දවස්වල ‘හුස්මක් තරමට’ ටෙලි නිර්මාණයෙන් සචිනිව ප්‍රේක්ෂකයන්ට ළංවෙලා නේද?
ඔව්. රවීන්ද්‍ර විජේරත්න මහත්මයා අධ්‍යක්ෂණය කරන ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ අසලිගේ චරිතය නිසා ගොඩක් අය මං ගැන කතා කරන්න පටන් අරන්. කොහේ ගියත් ඒ ගැන අහනවා. ඉතිං සතුටුයි ඒ ගැන.
ප්‍රතිචාර ලැබෙද්දී ‘හුස්මක් තරමට’ නිර්මාණයට සම්බන්ධ වෙන්න ගත්ත තීරණය ගැන සතුටු ඇති?
ඔව්. ඒ තීරණය ගැන සතුටුයි. හුස්මක් තරමට කියන්නේ ලස්සන ටෙලි නාට්‍යයක්. ලස්සන ආදර කතාවක්. මගේම වයසේ පිරිසක් එක්ක මට රඟපාන්නත් ලැබිලා තියෙනවා. කිසිම ආතතියක් නැතිව මේ නිර්මාණයේ වැඩකරන්න පුළුවන්. රංගනයට සම්බන්ධ වෙලා ඒ දේවල් බලන්න ලැබෙද්දීත් සතුටු හිතෙනවා.

