Advertisement


නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සෞඛ්‍ය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ හා නිලධාරීන් වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක්.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට බලපාන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් උපුටා දක්වමින්, එම විධිවිධාන නොසලකා සෞඛ්‍ය සේවාවට අදාලව මාධ්‍ය වෙත තොරතුරු සපයන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමේ ලිපියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ සහ නිලධාරීන් වෙත නිකුත් කර තිබේ. කොවිඩ් 19 වසංගතය බරපතල ලෙස වර්ධනය වෙමින් පවතින අවස්ථාවක විවිධ මූලාශ්‍ර ඔස්සේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් වසංගත තොරතුරු වසං කිරීමට බලධාරීන් ගන්නා මෙම උත්සාහය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් හෙළා දකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements