කියන තරම් කොරෝනා දරුණුද...? 1918 වසරේ කොරෝනා වැනි වසංගතයක් ඇති වෙලා - ලෝකෙම ගොඩ ගිය හැටි මෙන්න | Spanish flu
gossip
,
gossip lanka
,
gossipmain
,
News
,
Spanish flu
1918 වසරේ කොරෝනා වැනි වසංගතයක් ඇති වෙලා - ලෝකෙම ගොඩ ගිය හැටි මෙන්න
කොරෝනා වැනි දරුණු ගණයේ වසංගත තත්ත්වයන් ලෝක ඉතිහාසය තුළ මීට පෙර සිදුවී තිබෙනවා. ඒ 20 වැනි සියවසේ මුල් භාගයේ ව්‍යාප්ත වූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතයේ බිහිසුණු අවස්ථාවක් වූ ස්පාඤ්ඤ උණ යි. 1918 වසරේ වසන්ත සමයේදී ආරම්භ වූ මෙහි පළමු රැල්ල ඇමරිකාව හා යුරෝපය පුරා පැතිර ගියා. නමුත් 1914දී ඇරඹුණු පළමු ලෝක යුද්ධය, 1918දී අවසාන වීමත් සමග, ජනතාව සෞඛ්‍ය පුරුදු අමතක කර වීදි සැණකෙළි පවත්වන්නට පෙළඹෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුනෙන් අවසාන කරගන්න තිබුණු ස්පාඤ්ඤ උණ, වසර දෙකක කාලයක් දික්වෙනවා. ලොවපුරා මිලියන 500 ක පමණ ජනතාවට මෙම වෛරසය වැළඳුණු අතර ඉන් මියගිය පිරිස මිලියන 20 – 50 පමණ වෙන බවට ගණන් බලා තියෙනවා. මේ සංඛ්‍යාව සලකා බැලුවොත් පළමු ලෝක යුද සංග්‍රාමයේදී මියගිය සෙබළුන් හා සිවිල් ජනතාවගේ එකතුව ද ඉක්මවා යනවා. ඒ අනුව, ඉතා සුළු හානියකින් වළක්වාගන්න තිබුණු ස්පාඤ්ඤ උණ, ලෝක යුධ ජයග්‍රහණ සැමරුම් නිසා අවසාන වෙන්නේ ලෝක යුද්ධයටත් වඩා ජීවිත ගණනක් බිලි ගනිමින්.

