ඒගොල්ලන් මගෙන් ඉල්ලලා තිබුණා “ආඩම්බරයි බැලුවම නම්” ගීතය සජීවීව ගායනා කරන්න කියලා
ජනප්‍රිය ගායන ශිල්පිනි සුරනි ද මෙල් මේ දිනවල වැඩි කතාබහට ලක්වන ගායන ශිල්පිනියක්. ඇගේ ගායනයෙන් හැඩවුණු ආඩම්බරයි බැලුවමනම් ගතයි මේ දිනවල ඉන්දුනීසියාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබීම ඊට හේතුවක්. 2008 වසරේදී නිර්මාණය කළ ගීතයට වසර 12කට පසුව විදෙස් රටකින් හිටි හැටියේ මෙතරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබී ඇත්තේ කෙසේ දැයි අපි සුරනිගෙන් විමසුවා.
සුරනි දැන් ඉන්දුනීසියාවේ තරුවක්ද?


