අවසන් ගමනට පෙර මධුෂ් හෙළිකළ තොරතුරු මෙන්න - කෝටි 700 දියමන්තිය පැහැරගත් හැටි මෙන්න
billion
,
diamonds
,
gossip
,
gossip lanka
,
gossipmain
,
News
මගේ ළඟ ඉන්නවා දියමන්ති හොයන ෆොරිනස්ලා කීපදෙනෙක්ම. දියමන්තිය හොඳ නම් ගාණ කීයක් වුණත් ඒ අයට ප‍්‍රශ්නයක් නැහැ
මොරිසන් ඔස්ටි‍්‍රයා ජාතිකයෙකි. ජාත්‍යන්තර වශයෙන් කෙරෙන ව්‍යාපාරවල බ්‍රෝකර්වරයකු ලෙස කටයුතු කරන මොරිසන් පැටි‍්‍රක්ගේ කිට්ටුවන්ත මිතුරෙකි. තමන් සතු අනර්ඝ දියමන්තිය ප‍්‍රංශයේ වෙන්දේසිය වෙත යවා එය හොඳ ගැනුම්කරුවකුට අලෙවි කිරීමේ කාර්ය මොරිසන්ට භාරදීමට පැටි‍්‍රක් කටයුතු කළේය.
වටිනාකමෙන් අධික දියමන්තිය ප‍්‍රංශයේ වෙන්දේසිය වෙත යැවීමට පැටි‍්‍රක් කටයුතු කරන්නේ රජයට ගෙවිය යුතු බදු මුදල පැහැර හැර නීත්‍යනුකූල නොවන ආකාරයටය. මෙවැනි වටිනා දේපළ හොර රහසේ රැගෙන යෑමේ උපන් හපන්කම් ඇති පුද්ගලයකු වූ මොරිසන් අප‍්‍රිකාවේ මෙන්ම ප‍්‍රංශයේ රේගු නිලධාරීන්ගේ ද දෑස් වසා දියමන්තිය ප‍්‍රංශයේ පැවැති වෙන්දේසිය වෙත රැගෙන ගියේය. දින කීපයක් තිස්සේ ප‍්‍රංශයේ පැවති වෙන්දේසිය වෙත දියමන්තිය ඉදිරිපත් කළ ද ඊට තමන් බලාපොරොත්තු වූ මිලක් ලැබුණේ නැත. පැටි‍්‍රක්ගේ උපදෙස් මත දියමන්තිය වෙන්දේසියෙන් ඉවත් කර ගැනීමට මොරිසන් කටයුතු කළේය. දියමන්තිය අප‍්‍රිකාවට රැගෙන යනවාද, නැත්නම් වෙනත් වෙන්දේසියක් පැවැත්වෙන තුරු බලා සිටිනවාද යන්න සිතමින් මොරිසන් මෙන්ම පැටි‍්‍රක් සිටියේ දෙගිඩියාවෙන් ය. මේ අතර තවත් වෙන්දේසියක් පිළිබඳව තොරතුරු පැටි‍්‍රක් සොයා ගත්තේය. එහෙත් ඒ වෙන්දේසිය පැවැත්වීමට තවත් මාස කීපයක් බලා සිටීමට සිදුව තිබිණි.



